2025 අගෝස්තු මස 1 1 දින
ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ආර්ථික අර්බුදය හා ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්ණයට මුහුණ දෙන්නෙ කෙසේද?
වර්ථමානයේ අප මුහුණදී සිටින දැවැන්ත ආර්ථික කඩාවැටීමට හේතුව වසර 40ක් තිස්සේ රටක් ලෙස අප අනුගමනය කරමින් සිටින නවලිබරල් ආර්ථික රාමුව බව කිසිවකුට වසන් කළ නොහැක.
2019 සිට ඇරඹුනු කෝවිඩ් වසංගතය හේතුවෙන් නව ලිබරල් ආර්ථික රාමුව දෙදරීමට පත් වූ අතර, සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම හා ප්‍රේෂණ ගලා ඒම අවහිරවීම නිසා රජයේ විදේශ විනිමය ආදායම අඩුවීම, සැපයුම්දාමය බිඳවැටීම, 2019 දී රජයේ බදු කප්පාදු හේතුවෙන් දේශීය ආදායම විශාල ලෙස අඩුවීම යන කරුණු මුල්වී රටතුල ත්‍රිත්ව අර්බුදකාරී තත්වයක් ඇති විය.
2022 අප්‍රේල් මාසය වනවිට විදේශීය බලගතු මූල්‍ය දත්ත විශ්ලේෂකයෝ පළමු වරට, නිල වශයෙන් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමේ මුල්‍ය හැකියාවක් නොමැති බවට පවසා ශ්‍රේණිගත කිරීම් පහල දැමුහ. එම නිසා රටේ ආර්ථික පැවැත්ම අභියෝගයකට ලක්විය. 2022 මැයි වන විට විදේශ සංචිත ඩොලර් මිලියන 50 ට වඩා අඩු වූ අතර, එමඟින් රටට ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි වී ජනතාව වික්ෂිප්ත තත්වයට පත්වුහ. 2022 ජූලි 5 වන දින වනවිට, ණයහිමියන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය හා ඔවුන්ගේ සැලසුම අනුව ලාංකික රාජ්‍ය බංකොලොත් බවට පාර්ලිමේන්තුවේද අනුදැනුමක් හෝ අමාත්‍ය මණ්ඩලයේ අවසරයක්ද නොමැතිව මහබැංකුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.
දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලර් බිලියන 51 කට වැඩි ගෙවීම් අත්හිටවු අතර, රනිල් රාජපක්ෂ රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා විදේශීය ණය හිමියන් සමග එක්වී රටත්, ජනතාවත් උකසට තබමින් රනිල්ගේ වැල්පාලමේ ගමන දියත් කලේය. එය ඔවුන්ගේ බලාපොරොත්තුව අනුවම විය. එහි මුලු බර වැඩකරන ජනතාව හා පොදු ජනතාව මත පැටවිය.
2022 සැප්තැම්බර් මාසයේදී ජා.මු.අ. සමග ගිවිසුමෙන් පසුව 2023 මාර්තු මාසයේදී රුපියලේ අගය පහත දමා ඩොලර් බිලියන 2. 9 ක ඇපකරයක් අනුමත කර ගත්තේය. ඉන්පසුව, ශ්‍රී ලංකාව තියුණු මිල උද්ධමනයකට මුහුණදීම සිදු විය. 2023 මැයි වන විට ආහාර උද්ධමනය 54% කට ආසන්න වූ අතර, බදු වැඩි කිරීම්, ඉන්ධන මිල පෙට්‍රල් ලීටරයකට රු. 370 දක්වා වැඩිවීම් සහ මුදල් අවප්‍රමාණය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂකව රුපියලේ අගය රු. 355 පමණ විය. ඒ අනුව ආනයන වියදම් ඉහල ගියේය. වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කරන ලද අතර භාණ්ඩ හා සේවා පිරිවැය තියුනු ලෙස වැඩි විය. 2022 සැප්තැම්බර් මාසයේදී සමස්ත උද්ධමනය 69.8% දක්වා ඉහළ ගිය අතර, එය ගෘහස්ථ අයවැයට දැඩි ලෙස බලපෑවේය. උගතුන් බුද්ධිමතුන්ගේ බදුබර අඩු කරන ලෙසද, සේවකයින් වැටුප් වැඩි කරන ලෙසද ඉල්ලා සිටින කල්හි රනිල් රජයේ පිලිතුර වූයේ ජා.මු.අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කළ යුතු බවය.
රනිල්-රාජපක්ෂ රජය ජා.මු.අ. සමග ඇතිකරගත් ගිවිසුමට විරැද්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රි කණ්ඩායම ලෙස, ජාතික නිදහස් සභාව, උත්තර ලංකා සභාගය හා ජ.වි.පෙ. මන්ත්‍රිවරු එක්සත්ව එම ගිවිසුම් වලට විරුද්ධව ඡන්දය පාවිච්චි කරමින් එම ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කළ යුතු බවට ජනතාව වෙත කරුණ පෙන්නුම් කර දුන්නේය. අද බොරුවට ජා.මු.අරමුදලේ කොන්දේසි වෙනස් කිරීමට කථා කරන සමගි ජනබලවේගයේ සජිත් පුටු,
පොහොට්ටු දක්ෂිනාංශික නඩය එදා හැසිරුනේ ජනතාවට තිත්ත බෙහෙත් පෙවීමට අවශ්‍ය බව කියමින්ය.
ජන අරගල ක්‍රියාකාරිත්වයත් සමග ජනතාවගේ ඉදිරි ගමනේ ගුණාත්මක වෙනස්වීමක් සිදු විය. ඒ බව අප පක්ෂය විග්රහ කර පෙන්නුම් කර දුන්නේ 1956 සිට පටන් ගත් මැදමාවතේ ගමන් මග රාජපක්ෂවරුන්ගෙන් පසු අවසන් වන බවය. එයට හේතු වූයේ 2022 ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් කඩාබිද දැමූ පසුව නැවතත් රාජ්‍ය පාලනය එ.ජා.ප. රනිල්ගේ දෙපාමුල තබා පාවාදීමට රාජපක්ෂවරුන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයයි. එයට ප්‍රතිචාර දක්වමින් වාමගාමී පොදු ජනතා ගාමනය වාමාංශික ඉදිරි ගමනක නිරත වන බව අප පක්ෂය පෙන්නා දුන්නේය. ලංකාවේ එම විග්‍රහය කරන ලද එකම දේශපාලන ව්‍යාපාරය වූයේ අප පක්ෂය පමණය.
එබැවින් ජනාධිපතිවරණයට පෙර සිටම අප පක්ෂය ඒ වෙනුවෙන් වාමගාමී පෙරමුණකින් ඉදිරියට යාම පිලිබදව අවධාරණයෙන් කටයුතු කලෙමු. ඒ සදහා අපගේ යෝජනාව වූයේ පාර්ලිමේන්තුව තුල ජා.මු.අ. ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව සිය ඡන්දය දෙනු ලැබූ පක්ෂ සමග එක්ව විකල්ප මාවතක් සදහා සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය. එම කටයුත්ත ආරම්භ කිරීම සදහා අප පක්ෂය ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙත ලිපි දෙකක් මගින් දැනුවත් කළ අතර එවාටද පිලිතුරක්වත් නොලැබුණි.
අප විසින් ජනාධිපතිවරණයට පෙර සිට රටතුල සිදුකල යුතු සමාජ ආර්ථික වැඩපිලිවෙලක් පිලිබදව ජ.වි.පෙ. වෙත දැන්වීමෙන් අනතුරුව එය ලැබුණු බවට පිලිතුරක් එවන ලදි. එනමුත් ජනාධිපතිවරණ අවස්ථාව වනවිට අවශ්‍ය එක්සත්කමක් ගොඩ නගා ගැනීමේ සාකච්ඡාවන් ඇති නොවිය. එබැවින් අපගේ පක්ෂ වැඩපිලිවෙල මුල් කර ගනිමින් ජනතාවට කරුණු දැක්වීම සදහා සර්වජන වේදිකාව යොදා ගැනීම සිදු විය.
ජනතාවගේ වාමගාමී ගමන්මග ඉතා පැහැදිලි ලෙස සහතික කරමින් ඔබතුමා ජනාධිපතිවරයා බවට පත්වීම ගැන අප පක්ෂය සතුටට පත්වූ අතර, අපගේ සුභ පැතුම් ද ඔබ වෙත එවමින් මහ මැතිවරණයේදීද ජා.මු.අ. මාවතින් ඔබ්බට ගමන් කළ හැකි වාමාංශික වැඩපිලිවෙලක් පෙරට ගෙනයාම වෙනුවෙන් අපි යෝජනා ඉදිරිපත් කලෙමු. එයටද නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැත. එම මැතිවරණයේදී ජාතිකවාදී වාමගාමී ජනතා බලවේගයද ජාතික ජනබලවේගයේ ජයග්‍රහනයට අනියම්ව හෝ සහය දැක්වීය. අප පක්ෂය මෙන්ම පෙරටුගාමී සමාජවාදීන්ද මැතිවරණයට ඉදිිරිපත් වූයේ වාමගාමී මාවත ඉදිරියට ගෙනයාම වෙනුවෙනි. එබැවින් මහමැතිවරණයේදී ජනතාව ජාතික ජනබලවේගයට ප්රමුඛ ස්ථානය ලබාදෙමින් ජනතා ජයග්‍රහනය පරිපූර්ණ කරනු ලැබුහ. අප පක්ෂයටද පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති වුවත් පනස්දහසකට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා දෙමින් අප පෙන්නා දුන් අදහස්වල බලගතු බව එලිදැක්විය.
ඔබගේ රජය බලයට පත්වී ජනතා අපේක්ෂා රාශියක් ඉටු කරමින් උගත් බුද්ධිමත් වෘත්තිකයින්ගේ බදුබර යම් පමණකින් අඩු කලේය. රජයේ හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කලේය. විශ්‍රාමික වැටුප පමණක් නොව විශ්‍රාමික වැටුප් විෂමතාව වර්ථමානයට ගැලපෙන ලෙස සංශෝධනය කලේය. වතු කම්කරු වැටුප රු. 1000 සිට 1700 දක්වා වැඩි කලයුතු බවට තිීරණය කලේය. නමුත් එය තවම ක්‍රියාත්මක වී නැත. මේ ගැන රජය ගනු ලබන පියවර තවම පැහැදිලි නැත.
ජාත්‍යන්තර මුල්‍ය කොන්දේසි අනුව මෛත්‍රි යහපාලන සමයේ සිට රජයේ සේවයට ස්ථිර සේවක බදවා ගැනීම නතර කර තැබීම අවසන් කර රජයේ සේවයට 30,000ක සේවක සංඛ්‍යාවක් බඳවා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කර තිබීමෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පියවරකට මගපෑදීය. එසේම ජා.මු.අ. ඇපකරයට හිලව් වන ලෙස සියලු රාජ්‍ය සංස්ථා විකිනීමට රනිල් රාජපක්ෂ රජය එකගවී ගිවිසුම් අත්සන් කලත් මේ වනතෙක් විවිධ අඩුපාඩුකම් යටතේ වුවත් එකදු රාජ්‍ය ආයතනයක්වත් පුද්ගලීකරණයට ලක් නොකරමින් කටයුතු කිරීම ගැන වැඩකරන ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට ඔබ රජයට හැකිව තිබේ. එහෙත් විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ස්ථානවල සේවකයින් එම ආයතන සමාගම් බවට පත් කිරීම ගැන බලවත් කනස්සල්ලකින් සිටින බව ඔවුන්ගේ නියෝජිතයින් අප වෙත දන්වා තිබේ. විශේෂයෙන් රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීමට යාමේදී එම
ආයතනවල සේවක රැකියා 20,000ක් පමන අහිමිවීමේ අනතුරද පවතිී. එබැවින් දැනට පවතින අණපනත් මගින් ආරක්ෂිතව පවතින පොදු දේපොල සමාගම් නීතියට යටතට කඩිනමින් පත් කිරීම තුල ඉදිරියේදී ඒවා කොටස් වෙළඳ පොල වෙත යොමුකර පුද්ගලික දේපොල බවට පත්වීමේ ඉඩකඩ විවර කරයි. එබැවින් රටපුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන පොදු දේපොල ලෙස පවතින බැවින් ඒවා ජනතාවට ආරක්ෂා කර දිය යුතුවේ. ඒ සදහා රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීමට සැරසීමට වඩා දැනට එම ස්ථානවල වෙලදාම් කටයුතුවල නිරතවන ව්‍යාපාරිකයින්ද සම්බන්ධ කර ගෙන ජනතා සහභාගිත්වය සහිත සමූපකාර සාමුහිකත්ව ව්‍යාපාරයන් බවට පත් කිරීමට අවශ්‍ය අනපනත් හා නීතිරිති කඩිනමින් සකසා ක්‍රියාත්මක වන ලෙසද පෙන්වා දෙනු කැමැත්තෙමු.
හොරු ඇල්ලීම තවමත් ජනප්‍රිය සටන්පාඨයක් ලෙස පමණක් නොව ක්‍රියාත්මක වීම ගැන ජනතා ප්‍රසාදය පවතින අතර, අල්ලස, දුෂණය, නාස්තිය මැඩපවත්වමින් හා රාජ්‍ය සම්පත් අවභාවිතය හැකි තරම් වලක්වමින් වෙහෙසකර කටයුත්තක රජය නියැලෙන බව අපිට පෙනේ. එහෙත් රනිල්-රාජපක්ෂ රජය ජා.මු.අ. මුදල සමග ඇතිකරගත් ගිවිසුමේ ඇපකරය මත එම කොන්දේසි ඉටු කර බදු පිට බදුබර දිනෙන් දින ජනතාවගේ කර මත පටවමින් ගමන් කිරීමට ඔබ රජයට සිදුවීම නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි පවතින ප්‍රසාදය පලුදුවී යමින් පවති. ඒ වෙනුවෙන් වහා අවධානය යොමු කල යුතුයැයි අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදි. ඒ අනුව වාම ප්රජාතන්ත්රවාදී ජනතා බලවේගයේ ධජය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ගතයුතු හා ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීම මෙම කරුණු දැක්වීමේ අපගේ අරමුණ වේ.
නව ලිබරල් ආර්ථික රාමුව මෙම අර්බූදයට මූලික හේතුව බව ඔබ අප සියලුදෙනා දන්නා කරුණක් වන අතර, එයින් මිදීම දෙසට නැඹුරු වූ ක්‍රියාමාර්ගයන්ට යොමු නොවී කටයුතු කිරීමෙන් රටත් ජනතාවත් ආණ්ඩුවත් අනතුරට පත් වෙනු ඇත. දැනටමත් ඔබ විසින් මෙම ජා.මු.අ. සමග වූ එබඳු අවසාන ගිවිසුම විය යුතු බවට කරුනු දක්වා තිබේ. එයින් පමණක් ජනතාවට සැනසීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් නවලිබරල් ආර්ථික ප්රතිසංස්කරන නිසා පීඩනයට පත්වන දුගී ජනතාවගේද, විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ගේද, ජීවන පැවැත්ම ආරක්ෂා කරදීම වෙනුවෙන් එම පවුලවල සියලු දෙනාටම සහන ලබාදීමේ ක්‍රියාමාර්ග කල් නොයවා ලබාදීම අවශ්‍යය.
දූෂණය හා වැරදි ආර්ථික කළමනාකරණය යන සාධකයන්ට පාදක වූයේ නව ලිබරල් ආර්ථික ව්‍යුහය මගින් ලැබුණු ඉඩකඩ හා 1977න් පසුව පැවති නීති අනපනත් වෙනස් කිරීමය. විශේෂයෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සදහා අපගේ පැවති පැරනි නීති රාමුව බලවත්ය. තවමත් ඉන්දියාව ඇතුලු බොහෝ රටවල් විදේශ විනිමය ආරක්ෂිත නීතිරීති සවිමත්ව ඇත. අපගේ විදේශ විිනිමය ආරක්ෂිත නීතිරීති රවි කරුණානායක මුදල් ඇමති ලෙස වෙනස් කලා පමණක් නොව ඔහු විසින් සිදු කල විදේශ විනිමය දූෂණ ගනුදෙනු සදහාද ඒ අනුව ඉඩකඩ විවර කරගත් බව ප්‍රසිද්ධය. මේ පිලිබදව අප විසින් පෙන්නා දී එය වෙනස් කර ගැනීමට පසුගිය කාලය පුරා පැවති රජයන් සමග උත්සාහ කලත් එය ක්‍රියාත්මක කර ගත නොහැකි විය. එබැවින් මෙම රජයට විදේශ විනිමය වංචාවන් අපරාධ ගණයට ගැනෙන ලෙස නිීතිරීති සකසා ගත හැකිය. මෙය පමා කිරීමට කිසිදු හේතුවක් නොපෙනේ.
අපගේ ආර්ථික විද්‍යාඥයින් බහුතරයක් 1977න් පසුව බිහිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට අනුගතව හැඩගැසුනු විද්වතුන්ය. ඔවුන් මගින් නව මාදිලියක ආර්ථික සැකැස්මක් පිලිබදව උපදෙස් හා උපාය මාර්ග සකසා ගත හැකිවේ යැයි සිතිය නොහැක. එනිසා පසුගිය රජයන්ට සිදු වූ ආකාරයෙන් ඔබගේ නායකත්වයෙන් යුතු රජයටද අවසානයේ එකතැන කැරකෙන තත්වයට පත්විය හැකි අනතුරක් පවතී. අද සිදුවී ඇත්තේ දේශපාලනය විසින් ආර්ථිකය හසුරවනු වෙනුවට ආර්ථික ව්‍යුහයට ගැලපෙන ලෙස දේශපාලනය හැසිරවීමය. එබැවින් ආර්ථික සාධකය නිසා පිරිහීමට ලක්ව ඇති සමාජ, දේශපාලන සංස්කෘතික ව්‍යුහය ගැනද විචාරාත්මක හා සංවර්ධනාත්මක දේශපාලන කථිකාවකට මගපාදා ගත යුතු කාලය එළඹෙමින් ඇත.
රොනීද මැල්ගේ සිට බැසිල් රාජපක්ෂ දක්වා සියලු මුදල් අමාත්‍යවරුන්ගේ කාලපරිච්ඡේදයන් තුල සිදු කලේ බටහිර බලවතුන්ගේ සැලසුම් අනුව ජාතික ආර්ථිකය අඩපන කිරීමය. 1977 ජේ.ආර්.ගේ වෙළඳ පොල ආර්ථිකයට මෙය මනාව ගැලපුනේය. පොදු ජන දේපොල පුද්ගලික
අයිතියට පැවරීම හා සුභාසාධන රාජ්‍ය කඩාබිද දැමීම ඒ අනුව පියවරින් පියවර සිදු කලේය. එවාට විරැද්ධව අපගේ පක්ෂය මෙන්ම ඔබගේ දේශපාලන දහරාව ඇතුලු වාමාංශික ජනබලවේග විවිධ ආකාරයෙන් ප්‍රතික්‍රියා දැක්වුවත් දක්ෂිනාංශික රජයන් එම විරෝධතාවන් මර්ධනයේ හස්ථයෙන් යටපත් කලේය. දක්ෂිනාංශය පරාජය කර රාජ්‍ය බලය ලබාගත් ප්රගතිශීලී රජයන්ද 1994න් පසුව එම මාවතේ ගමන් කිරීම හැර වෙනත් දෙයක් සිදු වූයේ නැත. ඒ සදහා ඔවුන් ජනවාර්ගික යුද්ධ වටපිටාව ප්‍රයෝජනයට ගත්තේය. චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා වාර්ගික යුද්ධය නිමාවීමෙන් පසුවද සිදුවූයේ එයයි.
මෙවර විශේෂය වන්නේ වාමාංශික මතවාදයන් දරන පිරිසක් අතට විධායක හා ව්‍යාවස්ථාදායක බහුතර ආණ්ඩු බලයක් ලැබී තිබීමය. එබැවින් එකවර නොවුනත් ජා.මු.අ. දුෂ්ඨ චක්‍රයෙන් ගැලවී ඉදිරියට යන මාවතක් සකස් කර ගැනීමට හැකි ඉඩකඩක් පවතී. එබැවින් දේශීය නිෂ්පාදන ශක්තිය බලවත් කෙරෙන ආහාර අතින් රට ස්වයංපෝෂිත කිරීම අත්‍යාවශ්‍යය. මෙහිදී වෙළපොල හා පාරිභෝගිකයා අතර මතුවන ගැටලුවට රජය මැදිහත්වී කෘෂි නිශ්පාදකයාට වැඩි සහන ලබා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සදහා තොග මිල හා වෙලදපොල තහවුරු කර දීමටද, දුප්පත් පාරිභෝගිකයින්ට ඔරොත්තු දෙන මට්ටමට සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පවත්වා ගැනීම සිදුවිය යුතුය. සහල් වෙලඳපොල ස්ථාවර මට්ටමකින් පවත්වා ගැනීමේදී මහාපරිමාන මෝල්කරුවන්ට මෙල්ල කර ගැනීමට රජය මැදිහත් විය යුතුය. සහල් ආනයනය මෙන්ම දේශීය කෘෂි නිෂ්පාදනය ආනයනය හැකිතරම් සීමා කළ යුතුවේ. එසේම වෙළඳපොල හිගයකින් තොරව සාමාන්‍ය ජනයා පරිභෝජනය කරන සහල් සතොස, සමුපකාර හා සුපිරි වෙලදසැල් ජාලය මගින් ලබාදීම ශක්තිමත් කළ යුතුය.
සුලු හා මධ්‍යම පරිමාන කර්මාන්ත වැඩිදියුණු කිරීම හා නව නිපැයුම් සදහා පහසුකම් හා අනුබල ලබාදීම වෙනුවෙන් සංවර්ධන බැංකුවක් පිහිටුවා ගත යුතුවේ. එම කරුණ ඔබගේ මැතිවරණ වැඩපිලිවෙල තුල ඇතුලත්ව තිබුනත් තවමත් ක්‍රියාව නැගී නැත. එපමනක් නොව විදේශයන්හි ආයෝජනය කරන ලාංකික සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් දිරි ගැන්වීම හා ඒ සදහා වෙලදපොල සකස්කරදීම වෙනුවෙන් විදේශ විනිමය හුවමාරු බැංකුවක් (එක්සිම් බෑන්ක්) පිහිටුවීම ගැනද අපි දැනමත් යෝජනා ඉදිරිපත්කර ඇත්තෙමු.
මේ වනවිට ජා.ජ.බ. රජය විසින් ධනාත්මක පියවර රාශියක් ගෙන ඇතත් පොදු ජනතාවගේ සිත්සතන් තුල කැකෑරෙමින් මතුවී ඇත්තේ බඩුමිල ඉහලයාම හා ජීවන වියදමට ගැලපෙන ලෙස ආදායම් උපයා ගත නොහැකිවීමේ ගැටලුවයි. ඒ නිසා ජ.ජ.බ. රජය විසින්ද අර්බුදයට විසදුම ලෙස ජා.මු.අ. ණය වාරික ලබා ගැනීම හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව ජනතාව මත බර පටවමින් ආර්ථිකය හසුරුවා ගැනීම පිලිබඳ ජනතා විරෝධය ඒකරාශීවෙමින් තිබේ. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමේදී විද්වත් හා ජනතා සහභාගිත්වය නිසි පරිදි ලබා නොගැනීම නිසා නිදහස් අධ්‍යාපනය අනතුරට පත්වන බවට කථිකාවක් ආරම්භ වී තිබේ. එසේම ඔබට ජනවරම ලබාදීමේදී හා එය භාර ගැනීමේදී ඔබ ජනාධිපතිතුමා ලෙස ජනතාවට අදහස් දක්වමින් ජනාධිපති ධූරය අවසන් කිරීම පිලිබඳ කරුණු දැක්වුවත් ඒ පිලිබඳ ක්‍රියාත්මක පියවරයන් පෙනෙන්නට නැත. ඔබතුමා ජනාධිපති ධූරයේ වැජෙඹෙමින් ධනකුවේරයින්ගේ උත්සව සම්භාෂනවල කැපී පෙනෙන ලෙස කටයුතු කිරීම ගැන ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටින ජනතාව සුසුම් හෙලමින් සිටින බවද පෙන්වා දෙමු. මෙම කරුණු සියල්ල එකින් එක එකට ඇමිනෙමින් පවති. ආණ්ඩු විරෝධය දක්ෂිනාංශික කුමන්ත්‍රණයක් ලෙස ඒකරාශීවීමේ අනතුර ජා.ජ.බ. රජය පසුපස හඹා එමින් තිබේ. මේ සදහා විපක්ෂයේ දක්ෂිනාංශික බලවේග කුමන්ත්රනකාරීව ජනමාධ්‍ය මගින් ජනතා පෙලඹවීම්ද සිදු කරයි. එයට මුහුණදීම සදහා වාමගාමී අධිරාජ්‍ය විරෝධී ජාතික ප්රජාතන්ත්රවාදී බලවේගය එක්සත් ජනතාවාදී ජනපවුරක් ලෙස ගොඩ නගාගත යුතුව ඇත.
එසේම 8%ක්ව පැවති වක්රබද්ධ 18% දක්වා ඔසවා තැබීම ජනතාවට දැඩි පීඩනයක් දැනෙන අනෙක් හේතුව වේ. එබැවින් අත්‍යාවශ්‍ය ආහාර පාන, අධ්‍යාපනයට හා සෞඛයට බලපාන අත්‍යාවශ්‍ය බෙහෙත් හා උපකරණ සදහාද එම බද්ධ පහල ප්‍රමාණයකට ගෙනඒම අවශ්‍යය. මීට පෙර ජනතාවගෙන් එකතු කරන වැට් බදු රජයට නොගෙවා සිදුකල වංචා නතරවී තිබේ. එසේම දැනට සාර්ථක ලෙස බදු ආදායම එකතුවෙම්න් ඇති බව වාර්තාවේ. එනිසා බදු දැල පුලුල් කිරීම මෙන්ම බදු අයකල යුතු අවම ජීවන මට්ටම ඉහල දැමීම ගැන සලකා බැලිය යුතුවේ. එමෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල වැට් බද්ධ පහතට ගෙනඒමද කඩිනමින් කල යුතුය.
විශේෂයෙන් දේපොල බද්ධ හදුන්වාදීමේදී එහි පවතින නිර්නායකයන් පිලිබදව පුලුල් කථිකාවක් ජනතාව අතර සිදුවිය යුතුව ඇත. දැනට ගෙවන වරිපනම් බදු මුදලට අමතරව කුඩා ඉඩමක නිවසක් තනාගෙන සිටින පිරිස් එම බද්දෙන් නිදහස් විය යුතුව ඇත. විශේෂයෙන්ම මීට පෙර කීප වතාවක්ම පැවති දක්ෂිනාංශික රජයන් විසින් ජා.මු.අ. කොන්දේසි අනුව මන්දිර බද්ද ගැන කථා කලත් ඔවුන් එවා ක්‍රියාත්මක කලේ නැත. ඇත්තෙන්ම දේපොල බද්ධ පටන් ගත යුතුව ඇත්තේ ඉහල ආදායම් ලබන මන්දිර හිමිකරුවන්, බලවත් ව්‍යාපාරික හා ගොඩනැගිලි සංකීරණ හිමිකරුවන්ගෙනි. එබැවින් දේපොල බදු පිලිබද නිර්නායකය වහාම ඉදිරිපත් කිරීම අවශ්‍යව පවතී.
අද ලෝක ආර්ථික රටාව හා ලෝක බලතුලනය වෙනස් වී ඇත. වසර 500කට පසු ආසියාව ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු බවට පත්ව ඇත. ප්රාග්ධනය ගලා එන්නේ ආසියාවටය. නිෂ්පාදනයේ නව නිර්මාන ආසියාව මුල්කර බිහිවීමේ යුගය ආරම්භ වී තිබේ. ඒ නිසා මෙතෙක් පැවති නව යටත්විජිත ආර්ථික උපාය මාර්ගයේ වෙනසක් සිදු වෙමින් පවතී. ආසියාවේ දියුණුවෙමින් පවතින සියලුම රටවල් සමග මිත්‍ර පාර්ශවික සම්බන්ධය පුලුල් කර ගත යුතු අතර, විවාදාත්මක තත්වයක පැවතියත් අප බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම දක්වා දෑත් නිදහස්ව තබාගැනීම අවශ්‍යව පවතී.
ඒ අනුව තවතවත් රට ණය උගුලේ සිරවීමට ඉඩකඩ විවර කිරීම අහුරා ආර්ථික උපායමාර්ග සහ ප්‍රතිපත්ති වෙනස් කර ජනතාවාදී ජාතික ආර්ථිකයක් ගොඩනැගිීම සදහා වෙහෙස වියයුතු කාලය පැමිණ ඇත. එසේම ජාත්‍යන්තර සාධක නොතකා විසදුම් සෙවිය නොහැක. ඇමරිකාවේ ආර්ථික ව්‍යුහයේ සිදු කිරීමට සැරසෙන වෙනස්කම් අප වැනි සියලු රටවලට පහරකි. ඔවුන් සකස් කල ක්රමයේ අර්බූදය විසදා ගැනීමේ පියවර ලෙස එය පවතී. එබැවින් ඒ දෙසම බලා නොසිට යුරෝපා සංගමය, අප්‍රිකා මහාද්වීපික රටවල් හා ආසියාවට යොමුවූ ප්‍රදේශ අපගේ වෙළඳ ගනුදෙනුවලට ගැලපෙන කලාපයන් ලෙස සලකා ක්‍රියාත්මක විය යුතුය. ණය පියවා දැමීම නියමිත පරිදි සිදු කළ යුතුව ඇත. එහෙත් විවෘත වෙලදපොල ණය ආධාර ලබා ගැනීම නවතා දැමීම දෙසට යොමු වීම අත්‍යාවශ්‍යය.
එනිසා නුතන අධිරාජ්‍යවාදයේ උපායමාර්ගවල එල්ලෙමින් අර්බූදයට විසදුම් සෙවිමට වඩා ජනතාවාදී මාවතක් ඔස්සේ ආර්ථික කලමනාකරණය කර ගැනීමට පියවර ගත යුතුව ඇත. විශේෂයෙන් වැඩකරන ජනතාවගේ හා ගොවි ජනතාවගේ උවමනාවන් තේරුම් ගනිමින් කඩිනමින් රජය විකල්ප විසදුම් ඉදිරිපත් කිරීමට ඉදිරි අයවැයේදී සුදානම් වියයුතු අතර නව ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගත යුතුවේ.
පවතින බැරෑරුම් සමාජ, ආර්ථික දේශපාලන අර්බුදකාරි තත්වය තේරුම් ගනිමින් වාම ජනතාවාදී බලවේගයන්ගේ සන්ධානයක් සදහා පුලුල් ඉඩකඩක් විවර කර ගැනීම අද ප්රමුඛ අවශ්‍යතාවය වේ. එබැවින් ඉහත දැක්වූ අරමුණු ඉටුකර ගැනීම සදහා ඔබ පක්ෂයේ කැදවීමකින් ආරම්භ කරන සාකච්ඡාවකට අප පක්ෂය සූදානමින් සිටිමු.
මෙයට විශ්වාසී,
වාසුදේව නානායක්කාර
ලේකම්