ගෝඨාභය ගෙනාවෙත් අපි. එලෙව්වෙත් අපි. අනුර ගෙනාවෙත් අපි. ලංකා පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් – විරාජ් මනතුංග  

පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරින් ගුරු සේවයේ ස්ථිර පත්වීම් ඉල්ලා සිදු කරනු ලබන ඉල්ලීම වෙනුවෙන් අඛන්ඩ මාරාන්තික සත්‍යග්‍රහයක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පවත්වමින් තිබේ.

මේ පිලිබදව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් විරාජ් මනතුංග මහතා අදහස් දක්වමින් ”අපගේ උද්ඝෝෂණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය ජනාධිපති බලයට පත් කර ගැනීම හා උපාධිධාරින්ට මෙම රැකියා ලබා ගැනීමට අවස්ථාවක් උදා කර ගත්තා. අපට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලීම් කලත් ඔවුන් එය නොතකා පවුල් පාලනයක් ගෙන යමින් සිටින විට ජනතාව්ත් සමග එක්ව එම පාලක පිරිස එලවා දැම්මා. දැන් මෙම ගැටලුවට වසර 07 වෙනවා . අනුර දිසානායක ජනාධිපති තුමා පත් කර ගන්න අප වෙහෙස මහන්සිව වැඩ කලා. අපට පොරොන්දු වුනේ ආණ්ඩු බලය ලබා ගත් වහාම විසදුමක් ලබා දෙන බවයි.  අවුරුද්දක් ගත වුනා. තාමත් අපගේ ගැටලුවට විසදුමක් නැහැ. අලුත් විභාග වලට පෙනී සිටින ලෙස දන්වනවා. අපි විභාග කරල සමත් වෙලා. අභ්‍යාස ලාභි පත්වීම් ගෙන වසර 7ක සේවා කාලයක් තිබෙනවා. ඇයි අපිව ගුරු සේවයට ඇතුලත් කර ගන්න බැරි. අපගේ පිරිස 16000ක් ඉන්නවා. ඔවුන්ව විභාග වලට පෙනී සිටින ලෙස දන්වන්නේ නව පත්වීම් ලබා දෙන්නයි. එවිට අපගේ වසර 7 ක සේවා කාලයට මොකද වෙන්නේ. අවශ්‍ය ඕනෑම විභාගයකට, සම්මුඛ පරීක්ෂණයකට පමණක් නොව ප්‍රායෝගිකව ඉගැන්වීම් කටයුතු සිදු කර පෙන්වීමටත් මෙම ගුරුනිලධාරින්ට හැකියාව තිබෙනවා. නමුත් අපි ඉල්ලන්නේ අපගේ පැරණි සේවා කාලය එක් කර පත්වීම් ලබා දෙන ලෙසයි.” යනුවෙන් පැවසීය.

රටපුරා සේවය කරන ගුරුවරුන් හා ගුරු තුමියන් එක්ව දිවාරෑ එකදිගට සත්‍යග්‍රහය සිදු කරනු ලබන අතර, පොලිසිය විසින් කිසිදු ආවරණයක් එම ස්ථානයේ ඉදි කිරීමට ඉඩක් දී නොමැත. ජනාධිපතිගේ නියෝජිතයෙක් හෝ අධ්‍යාපන අමාත්‍යංශ නියෝජිතයෙක් හෝ පැමිණ සාකච්ඡාවට කැදවීම් කර නොමැති අතර, විසදුමක් ලැබෙන තෙක් එම ස්ථානයේ අඛන්ඩ සත්‍ය ග්‍රහය පවත්වන බව විරාජ් මනතුංග මහතා පවසන ලදි. 

Loading