ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, මධ්‍යස්ථාන නියොජිත ලෙස සභාපති තිලකසිරි සහෝදරයා සහභාගී  වෙමින් වර්තමාන දේශපාලන තත්වය හා ඉදිරි පළාත් සභාවට තරග කිරීම සදහා සූදානම් වන ලෙසද දැනුම් දෙන ලදි. ගම්පහ දිස්ත්‍රික් සභාපති ලෙස රවි සිල්වා සහෝදරයාත්, ලේකම් ලෙස තිලින මදුසංක සහෝදරයා පත් කර ගත් අතර, දිස්ත්‍රික් මැතිවරණ සංවිධායක ලෙස දොස්තර  ප්‍රසාද් විජේසේකර පත් කර ගත් අතර, ඉදිරි කටයුතු කර ගෙනයාම සදහා විධායක සභාවක්ද නම් කර ගන්නා ලදි.

කුරුවිට ජනතා සභාව

ඇහැලියගොඩ කුරුවිට ජනතා සභාවන් දෙක එම සභා දෙකෙහි පත්වූ ප්‍රාදෙශීය සභා මන්ත්‍රිවරුන්ගේ නායකත්වයෙන් පැවැත්වූ අතර, මධ්‍යස්ථා නියෝජිතයින් ලෙස, නියෝජ්‍ය ලේකම් සරත් රණසිංහ, දිස්ත්‍රික් සම්බන්ධීකාරක සදක ගුණසේකර, භාන්ඩාගාරික ඩඩ්ලි කලංසුරියආරච්චි සහෝදරවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. ඉදිරි මාසය වන විට ගාල්ල, ඇඹිලිපිටිය, මහනුවර යන ප්‍රදේශයෙන්හි දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්කිරීමට නියමිත බව සංවිධායක ලේකම් ධම්මික පීරිස් සහෝදරයා ශක්තියට වාර්තා කරන ලදි.  

Loading