වෛද්‍ය සේවය තුල කලක පටන් සිදු වෙමින් පවතින වෘත්තීය ගැටලු සදහා සාකච්ඡා කර එකගතාවයන් ඇති කර ගත්තත් ඒවා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාශය අපොහොසත්වීම නිසා පසුගිය සතියේ දෙදිනක සංකේත වැඩවර්ජනයක් දියත් කලේය. ඒ පිලිබදව ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්ට වැටුප් වැඩිවීම් ලබාදී ඇති බැවින් ජනතාව අපහසුවට පත් නොකර සේවය ඉටු කර ලෙස දැන්වීම ගැන වෛද්‍ය නිලධාරි සංගමය ඇමතිවරයාගේ ක්රියාපිලිවෙත පිලිබදව දැඩි අප්‍රසාදය පල කර තිබේ. වෛද්‍යවරුන් වැටුප් වැඩිවීම් ඉල්ලීම් නොකරන අතර, ඔවුන්ගේ සේවාවේ පැනනැගී ඇති එකගතාව ඇතිකරගත් කරුණු ඉටු නොකිරීම පිලිබදව හා සාකච්ඡා මාර්ගයකට නොපැමිණීම පිලිබදව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව දැනටමත් දැනුම්දී තිබේ.
දහස් ගනනක් රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකර රජය වහාම වෛද්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාවට ගමන් කරමින් මෙය සමතයකට පත් කර ගත යුතුව ඇත. ඔවුන් වැටුප් ප්‍රශ්ණය මතු නොකරන බැවින් සාකච්ඡාවන්ට ගමන් නොකර අමාත්‍යවරයා උද්දච්ඡ ආකාරයෙන් හැසිරීමෙන් සිදු වන්නේ රෝහල් සේවය බිද වැටීමත්, ජනතාව අපහසුතාවයට පත්වීමත්, රජයේ ක්‍රියාමාර්ගය ජනතා කලකිරීමක් ඇති වීමය. සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙය සිදු කල නොහැකි නම් වෙනත් අමාත්‍ය කමිටුවක් හෝ ජනාධිපතිවරයාගෙ මැදිහත්වීමෙන් හෝ සාකච්ඡාවකට වහාම ඉඩකඩ සලසාදීම කලයුතුවේ. එසේ සිදු නොවන්නේ නම් නම් වෘත්තීය සමිති හා රජය අතර පවතින සම්බන්ධතාවය පලුදු වෙමින් නැති ගැටලු රැසකට රජයට මුහුණදීමට සිදුවන බව අනතුරු අගවමු.
![]()
