රජයේ රෝහල් පද්ධතියේ තාක්ෂණික සේවාවන් සපයනු ලබන වෘත්තිකයින් එක්ව හදිසි වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ජනවාරි මස 28 වෙනි දින සිට ක්‍රියාත්මකවීමට සුදානමක් පැවතුනි. මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංය මැදිහත්ව වෘත්තීය සමිති හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී එකගතාවයන් කිහිපයක් ඇති කර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව යෝජිත වර්ජනය තාවකාලිකව අත්හිටුවීමටත්, එකගතාවක් ක්‍රියාත්මක නොවුනහොත් පැය 48ක කල්දීමකින් පසුව නැවත වර්ජන ක්‍රියාමාර්ගයට එලඹෙන බවත් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සේවාවන් වන සෞඛ්‍ය හා අධ්‍යාපන යන කේෂත්‍ර දෙය රජයේ ඍජු මැදිහත්වීම යටතේ පවත්වාගෙන යනු ලබන සේවාවන් දෙකකි. මෙම කටයුතු සදහා රජය වාර්ශික අයවැයෙන් විශාල මුදලක් වැය කර අතර, එම සේවාවන්හි සේවයේ නියුතු සියලු දෙනා එක්ව ජනතා සේවාව පවත්වා ගෙන යනු ලබයි. මෙහිදී සෞඛ්‍ය සේවය හදිසි හා අත්‍යාවශ්‍ය තත්වයේ පවතින බැවින් හා වෙනත් ආකාරයකින් පහසුකම් ලබාගත නොහැකි ජනතාව වෙත සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන බැවින් සේවක ප්‍රශ්ණ රජය සමග සාමුහිකව එක්ව විසදා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය. වර්ජන ක්‍රියාමාර්ගයන්ට යා යුතු වන්නේ ජාතික වශයෙන් වැදගත් හා ජීවත්වීමට නොහැකි තරමටම ගැටලු සහගත තත්වයක් සේවය තුල මතුවන අවස්ථාවකදීය. එයට හේතුව වන්නේ අප සැමදෙනාගේම රැකියා වරම සැකසී ඇතතේ සුභසාධන සේවාවන් ආරක්ෂා කර ගෙන ශක්තිමත් කර ගැනීමෙන් පමණය. විශේෂයෙන් මේ වනවිටත් සෞඛ්‍ය සේවයේ සේවාවන් සදහා පුද්ගලීකරණයේ අදුරු සෙවනැලි පෙනෙන්නට ඇති බැවින් සේවාවන් ආරක්ෂා කර ගැනීම සදහා වෘත්තිය සමිති පෙල ගැසිය යුතුවේ.
![]()
