අන්තරය දෙකට බෙදෙයි! සිසු සටන් අතරමග?
මාලිමා රජය බලයට පැමිනීමට පෙර එදා පාරවල් වසාගත් නිරන්තර ශිෂ්‍ය උද්ඝෝෂණ අද පෙනෙන්නට නැත. සාපේක්ෂක නිහඩතාවක් පෙන්වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්ණ විසදී ඇති නිසාම නොවේ. එහෙත් ශිෂ්‍ය ආධාර මුදල හා මහපොල ආධාර මුදල 2025 අප්‍රේල් මස සිට රජය වැඩිකර ගෙවීමට තීරණය කර ඇති අතර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය බෙදී පැවතීම නිසා ශිෂ්‍යයන් අතර ඇති වී තිබෙන අධෛර්යමත්වීත් මෙයට එක් හේතුවකි. ශිෂ්‍ය සංගම් බලය මෙසේ දුර්වලවීම සාධනිය නොවේ. එකී සංවිධාන ඒකාබද්ධව තබා ගැනීම කෝකටත් හොඳය. ඒ සදහා අවම ලෙස ඒකාබද්ධ පෙරමුණු වශයෙන් හෝ සංවිධානයවීම සිසු අයිතිවාසිකම් දිනා ගැනීමේ මාවත විය යුතුය.