දේශීය කෘෂි නිශ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ගෙන ගොවින්ගේ සන්තාපය ඔබතුමා දනි. ඒ වෙනුවෙන් විදේශයෙන්ගෙන් එම ද්‍රව්‍ය මෙරටට නොගෙන්වීම හෝ විශේෂ වෙළභාණ්ඩ පනත යටතේ ප්‍රමාණවත් බද්දක් ඒ සදහා පැනවීම කලයුතු බව ගොවීහු පෙන්වා දෙති. අපිද එයට එකග වෙමු.
එහෙත් එය කරනකොට ගෙන එම භාණ්ඩවල සිල්ලර මිල වැඩිවන බව සත්‍යයකි. එයින්ද 50්%ක් පමණ වන දුප්පත් හා දුප්පත් බවට ආසන්න ජනතාවට පහර වදින බවද සත්‍යයකි. අප විසදුමක් ලබා දිය යුතු වන්නේ එම ප්‍රශ්ණයටය.
පලමුවන විසදුම ගොවීන්ගේ කෘෂි නිශ්පාදනවල ඵලදායිතාවය වැඩි කර ගැනීම සදහා රජය පොහොර සහනාධාරය ලබා දීම සහ හොදම බීජ වර්ග අඩුම මිලට රජය විසින් ලබාදීම සහ ගොවිතැනට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර අඩු මිලකට කුලියට දීමට වැඩපිලිවෙලක් හැදීමය. එවිට ගොවීන්ට තරගකාරී මිලකට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකයක් සහන මිලකට ඉහතකී දුප්පත් හා දුප්පත් බවට ආසන්න පවුල් වලට ලබාදීම ද ඒ සදහා සෑම ගමකම දැනට ඇති ප්‍රාදේශීක සමූපකාර සමිති බලගැන්වීමද සතොස මගින් හෝ වෙනත් ආයතන මගින් එම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමද කළ යුතුය. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම ඇති Fair Price Shopes මගින් ඉටුකරන සේවයද මෙයයි. මෙවැනි වැඩපිලිවෙලකට ඔබතුමාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.
![]()
