රනිල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමට අනුකූල වන සේ මෙවර අයවැය ගැලපීම් සිදු කර තිබේ.
මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලටද එපිට යමින් කටයුතු කරමින් රාජ්‍ය දේපොල සියල්ල විකුණා දැමිීමට එකවී තිබිමය. නමුත් අනුර ජනපතිගේ අයවැය යටතේ එය රාජ්‍ය අංශයේ සමාගම් හා රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර දක්වා වෙනස් කරමින් ජනතා අයිතිය හැකි අයුරකින් රැක ගැනීමට උත්සහ කර ඇති බව පෙනෙන්නට තිබේ.
බදු වැඩි කිරීම් වල ප්‍රතිශතය අනුව බලන කල පෙනී යන්නේ රාජ්‍ය ආදායමට අවශ්‍ය වැඩි බදු බර දරන්නේ සාමාන්‍ය ජනතාව මතයි. ජීවන වියදම් ප්‍රශ්ණය උග්‍රවී ඇත්තේ ඒ අනුවය. දේපොල බදු, මන්දිර බදු, මහා සමාගම් බදු සියල්ල ලිස්සා අරිමින් ඇති බව පෙනේ.
මෙම තත්වය යටතේ ජනතාව මත පැටවෙන බදු බරෙන් ගැලවිය හැකි වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් බැහැර වන මාවතක් දක්වා ගමන් කිරීමෙනි. එයට තවමත ජාතික ජනබලවේග රජය සූදානම් වී නොමැති බව පෙනෙන්නට තිබේ. ඒ නිසා ජනතාවගේ බලපෑම ඔස්සේ ආණ්ඩුව තල්ලු කර ගෙන ඉදිරියට ගමන් කිරීමට වැඩකරන ජනතවට හා වාමගාමී මාවත් ගැන කල්පනා කර බලන ජනතාවට ගතයුතු පියවරයන් ලෙස පෙනෙන්නට තිබේ.
ඒ සදහා නායකත්වය ගැනීම ජා.ජනබලවේගය විසින් නොකරන අතර, ඒ සදහා වාමගාමී මාවතින් ඉදිරියට ගමන් කිරීමේ ජන පවුරක් නිර්මානය කර ගැනීමෙ කටයුතු ජනතාවට භාර වේ. මෙහිදී දැනට දක්ෂිනාංශය සමග ගමන් නොකරන දේශපාලන සංවිධාන එක්වී ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත එල්ල කරන පීඩනය පරාජය කිරීම සදහා පෙල ගැසිය යුතුව ඇත. නමුත් එය ආණ්ඩුව එලවා දමන සටනක් නොව ආණ්ඩුව ඉදිරියට තල්ලු කර ගෙන යමින් වමේ ඉදිරියට ගමන් කිරීම සදහා මගපෙන්වීම් ලෙස සිදුවිය යුතු බව පසුගිය දිනක රැස්වූ වාමාංශික බුද්ධිමතුන් අතර පැවති සාකච්ඡාවකදී දැඩි කතාබහට ලක්වී ඇති බව වාර්තාවේ.


![]()
