කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම

ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම සපුරාලීමේ අරමුණින් කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සම්බන්ධ නීතිමය සංශෝධන කිහිපයක් පසුගිය වසරවලදී සිදු කර ඇත.

2026 ජනවාරි 30 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2473/25) මගින් හෝටල්, ආපනශාලා සහ සනීපාරක්ෂක සේවා ක්ෂේත්‍රවල සේවය කරන වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට රාත්‍රී 6.00 න් පසු සේවය කිරීමට නීතිමය අවසර ලබා දී ඇත.

📌 නව නීතියෙන් අවසර ලැබෙන්නේ කාටද?

✅ ආහාරපාන පිළිගන්වන සේවිකාවන්

✅ සනීපාරක්ෂක සේවිකාවන්

✅ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ අදාළ සේවිකාවන්

⚖️ සේවායෝජකයාගේ අනිවාර්ය වගකීම්

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමේදී සේවායෝජකයා විසින්:

🔹 ලිඛිත කැමැත්ත ලබා ගත යුතුය

🔹 ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුය

🔹 හෝ ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබා දිය යුතුය

🔹 සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කළ යුතුය

🔹 විවේක, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් සැපයිය යුතුය

🔹 නියමිත රාත්‍රී සේවා දීමනා ගෙවිය යුතුය

🚨 කාන්තාවන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍යයි

රාත්‍රී සේවයේ යෙදවීමේදී කාන්තාවන් ලිංගික හිංසන, හිරිහැර සහ අනාරක්ෂිත ප්‍රවාහන තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සේවායෝජකයන්ගේ සහ බලධාරීන්ගේ වගකීමකි.

👩‍👧 මාතෘ අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිතයි

✔️ සති 12ක (වැඩ කරන දින 84) පූර්ණ වැටුප් සහිත මාතෘ නිවාඩු

✔️ කිරි දීමේ විරාම

✔️ ගැබ් ගැනීම හේතුවෙන් සේවයෙන් ඉවත් කිරීමට නොහැකි වීම

❗ තවමත් පවතින අභියෝග

▪️ ඇඟලුම් කර්මාන්තයේ අධික වැඩ බර

▪️ වතු කම්කරුවන්ගේ අඩු වැටුප් හා පහසුකම් හිඟය

▪️ ළමා සුරැකුම් මධ්‍යස්ථාන නොමැතිකම

▪️ රැකියාව සහ ගෘහස්ථ වගකීම් දෙකම කාන්තාවන් මත පැටවීම

▪️ රාත්‍රී සේවයේ ආරක්ෂක ගැටලු

@followers

Cmu Bala Tampoe

#කාන්තාඅයිතිවාසිකම්#LabourRights#womenworkers#srilanka#WorkersRights#tradeunions#CMU#DecentWork#SafeWorkplace#womenatwork

Leave a Comment

Scroll to Top