අධිරාජ්‍යවාදය සමග දශක 6ක් තිස්සේ එක දිගට පොර බැදු කියුබානු ජනතාව තවත් පියවරකින් යටත් වෙනවාට වඩා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තාවේ. සංවෘත රාජ්‍ය පාලන ක්‍රමය අතහැර වෙලදපොල ආර්ථික ක්‍රමයට වහාම හැරීමට කියුබානු පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්වි තිබේ. කියුබානු විප්ලවයේ වීරත්වයෙන් යුත් ඉතිහාසය අපට ආශ්වාද ජනකය. විප්ලවයෙන් පසු සමාජයේ ඇතිවු දියුණුව සෞඛ්‍ය හා අධ්‍යාපනය පලමු ලෝකයේ තත්වයට ලගා කරගත හැකිවිය.
රුසියානු විප්ලවයෙන් පසුව බොල්ෂෙවික් පක්ෂය තුල මතුවු දේශපාලන සාකච්ඡාව අදටත් වැදගත්ය. තනිවු විප්ලවයකට යාහැකි දුරදිග ගැන ලෙනින්ගේ අදහස් සමගින් හිතාගත යුතුය. පැරිස් කොමියුනයේ දින 72 ක බලය පවත්වා ගැනීම මතක් කරමින්, රුසියානු විප්ලවය දින 100 පසුකරන දිනයේදි ලෙනින් සහෝදරයා උද්දාමයෙන් කල පුකාශය සිහිපත් කරගත යුතුය. තනිවු විප්ලවයකට යා හැකි දුර දිග පිලිබදව විප්ලවයෙන් පසුව සිවිල් යුද්ධ සමයේ බොල්ෂෙවික් පක්ෂය තුල දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුනි. නමුත් දෙවෙනි ලෝක යුද්ධයට මැදිවීමත් සමග නව තත්වයකට සෝවියට් දේශයට මුහුණදීමට සිදු විය.
චීන විප්ලවය අදටත් යතාර්ථයක්වී ඇත්තේ ලෝකයත් සමග අත්වැල් බැද ගනිමින් අධිරාජවාදය සමග ගැටුම හා සම්මුතිය පිලිබද මාවෝගේ චීන ක්‍රමයේ සමාජවාදය සමග ගමන් කරමින් තම කොමියුනිස්ට් පාලනය තබා ගෙනම ලෝකයේ බලවත් තත්වයක් නිර්මාණය කරගත හැකිවිමය.
කියුබාවේ අත්දැකීම අනුව ලතින් ඇමරිකාවේ රාජ්‍යයන් තුල විප්ලවකාරී වෙනස්කම් රාශියක් ඇති කිරීම කියුබානු විප්ලවයේ ආභාෂයෙන් සමත් විය. නමුත් එම රටවලද මුහුණ දුන් ගැටලුව වූයේ විප්ලවය ජය ගත්තත් එය පවත්වා ගෙන යා හැක්කේ කේසේද යන ගැටලුවයි. නුතන අධිරාජ්‍යවාදය ලෝකය හැසිරවීම මුදල් හා වෙළද පොල මුල් කර සමාගම් ජාලයක් හරහා සිදු කරන තත්වය තුල විප්ලවය තනිවීම යනු ප්‍රතිවිපලවය කැදවා ගැනීමක් වනු ඇත.එය චිලිය, එල් සැල්වදෝරය, නිකරගුවා ඇතුලු රටවල් ගණනාවකම සිදු විය. නමුත් කියුබාවේ ආරක්ෂාව වෙනුවෙන් ලෝකයම පෙලගැසී සිටීම ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහනයක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලින් ඇමරිකාව සමග සිටගන්නා රාජ්‍යයන් දෙක තුනක් හැර පසුගිය වසර 60 පුරා ඇමරිකානු සම්බාධක වලට එරෙහිව අනිකුත් සියලුම රටවල එක්සත්ව කියුබාව වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම සුවිශේෂී තත්වයකි.
අප පසු කරන්නේ ලෙනින් විගුුහ කල ධනවාදයේ ඉහල අවධිය ලෙස දුටු අධිරාජ්‍යවාදී තත්වය ඉක්මවා ගිය නුතන අධිරාජ්‍යවාදී වටපිටාවකි. එය අර්බුදයෙන් බිද වැටෙන යුගයේ සංසිදාමයක් අත්දකිමින් සිටිමු.
නුතන අධිරාජ්‍යවාදීයේ පුමුඛත්වයට පත් ඇමරිකාවේ නායකත්වය වියරුවැටී ලෝකය හා මිනිස් සංහතිය අවසන්නරන යුද්ධ මෙහෙයුම් දියත් කරමින් සිටියි. අද ඇමරිකාව මුලු ලතින් ඇමරිකාවත්, මැක්සිකෝව, කැනඩාව පමනක් නොව අයිස්ලන්තයත් භුමි ආකුුමනයකට හමුදා මෙහෙයවන මනසකින් කටයුතු කරයි. එම තත්වය අනුව බලන කල කියුබාව අල්ලා ගැනීම කුමක්ද? මදුරෝ පැහැරගෙන ගොස් තෙල් හා වෙනිසියුලාව යටත් කර ගත්තේය. ඉන්ධන අවහිර කරමින් කියුබාවේ ගෙල හිර කරමින් සිටී. රාවුල් කස්තෙුාු් පැහැර ගෙනගොස් රාජ්‍ය බිඳීමට පසුගිය මාස දෙක තුල සැලසම් කලේය.
ඉරාන යුද්ධයේදී ඇමරිකාව අත්කකරගත් පරාජය තුල නුතන අධිරාජ්‍යවාදයේ අධිපති බලය අවසන් වෙමින් ඇත.
ඒනිසා කියුබාව නව ආකාරයකට හැඩගැසෙමිින් වියට්නාම්,චීන ආකෘතිය අනුව විප්ලවය රැකගෙන කම්කරු-ගොවි රාජ්‍ය බලය රැකගැනීමේ උත්සාහයක නිිරතවීම ආරම්භවෙමින් ඇත. එයට සුභපතමින් කියුබානු ජනතාව සමග තවසුරටත් අත්වැල් බැද ගතයුතු කාලයකට අපි පැමිණෙමින් සිටිමු.
අද ලෙනින් දැක්වු අධිරාවාදයේ දුර්වල පුරුකෙන් කැඩී වෙන්වීමේ එදා යථාර්ථයට වඩා වෙනත් වටපිටාවක් මතු වෙමින් තිබේ. එය කලාපීය එකමුතුව තුල අධිරාජ්‍යවාදයේ මුල්‍ය පද්ධති බලය හා ආධිපත්‍ය බිද දැමීමය. පලමු වරට චීනයේ ජනපති ෂී ජිපිං එම තර්ජනය මාස දෙකකට පෙරසිදු කල පසු ඇමරිකාවට යටත්වීම හැර වෙනත් මාවතක් නැත. එනිසා ටුම්ප් ඔවුන්ගේ ලෝක ජනතාවගේ ලේ දහඩාය ශක්තිය උරාබොන පුධාන සමාගම් 10 සමග පැමින දුර්ලභ ඛනිජ ගිවිසුම චීනය සමග අත්සන් කලේය.
ඉදිරියේදී මතුවන්නේ ආසියාව මුල්වු, ඩොලරය හා ඇමරිකානු ආධිපත්‍ය බිදවැටෙන නව යුගයකි. එම දිසාවෙනන් විප්ලවය ගමන් කරන ආකාරය බැලිය යුතුය.

