ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි.

බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු.
බොහෝ කලක්, ලෝකය බ්‍රසීලය ගැන කතා කළේ අපගේ ගැටළු සහ අපගේ හැකියාව පිළිබඳවයි. නමුත් අද, අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ අප ජනතාවගේ හැකියාව දැන් ලෝකයට විවර කළ වාර්තාවක් බවට පත් කර ඇති බවයි. ජනාධිපති ලූලාගේ නායකත්වයෙන් ජනතා ඒකරාශීවීම නව යුගයට මඟ පෙන්වා දී ඇත.
ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා
ආර්ථික සාර්ථකත්වය
අපගේ වත්මන් ආර්ථික අවස්ථා ප්‍රබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි.
මෙයට වැඩකරන ජනතාවගේ දක්ෂතාවය, දළ ආර්ථික ප්‍රතිපත්ති හැඩගස්වා ගැනීම හා තෝරාගත් පැහැදිලි මාවත ආර්ථික සංවර්ධනය සදහා හේතුසාධක වී තිබේ.
පළමුව, රැකියා බේරාගැනීම විශාල කටයුත්තකි. වත්මන් වැඩහිටි අනුපාතය බ්‍රසීලය තුල 5.6% දක්වා අඩුවී ඇත. මෙය සංඛ්‍යාවක් පමණක් නොවේ. මිලියන ගණනක් පවුල් වැඩි ආයුෂය බුක්තිවිදීමට හේතුවී ඇත්තේ නිසි ආදායම් මට්ටමක් පවත්වා ගැනීම ගැන රජය ගෞරවයක් ලබා ගෙන සිටීමේ සත්‍යයයි.
මිල උද්ධමනය පාලනය
ලොව පුරා මිල ගණන් ඉහළ යන අවස්ථාවකදී, බ්රසිලයේ අපි මිල පාලනය කරගෙන යනවා. මෙය සමාජ සාධාරණත්වය සහතික කිරීම සදහා සිදු කරනු ලබයි. එයින් වැඩ කරන ජනතාව ලබන වැටුපේ සැබෑ වටිනාකම බුක්ති විදිමින් දරුපවුල් ආරක්ෂා කර ගැනිමට බ්‍රසීල ජනතාවට ඉඩකඩ ලැබී තිබේ. වැඩිහිටි ජනගහනය පාලනය, මිල පාලනය, ස්ථාවර ආර්ථික සංවර්ධනයක් පවත්වා ගෙන යමින් ලෝක තර්ජනයන්ටද මුහුණදීමට බ්‍රසීලයේ ලුලාගේ රජයට හැකිවී තිබේ.
ජාත්‍යන්තර ප්‍රතිචාර හා ස්වෛරීත්වය
ලොව ධනවාදය විසින් පවත්වා ගෙන යනු ලබන ඉහළ පොලී අනුපාත බලපෑම් අප රටට විශාල පීඩනයක් එල්ලකරයි. ඇමරිකා වැනි රටවල ඉහළ පොලී අනුපාත මුදල් හා භාණ්ඩ හුවමාරු වෙළඳපොලට බලපායි. නමුත් අප රජයේ අනම්‍ය ප්‍රතිපත්තිය මත අප පසු නොබැස ඉදිරිටම ගමන් කරමු. එනිසා බ්‍රසීලය තම ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය මූලික කරගෙන, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සදහා ප්රජාතන්ත්රවාදී සාකච්ඡාවන් බලගන්වමින් සිටින ස්වතන්ත්‍ර රාජ්‍යයකි.
වත්මන් සටනේ මූලධර්මය- රාජ්‍ය සේවාව ආරක්ෂා කිරීම
අපි මෙය පැහැදිලිව සනිටුහන් කර ගෙන සිටිමු. රාජ්‍ය සේවකයා රටේ සිවිල් යාන්ත්‍රණයේ හදවතයි. සම්පූර්ණ සමාජයට සේවය ලබාදීමේ වගකීම සදහා දායක වන බලය ඔවුන් සතුව පවතී. මෙම අවස්ථාවේ, රාජ්‍ය සේවා සමිති ඉල්ලන ප්‍රතිසංස්කරණ, වෘත්තිය ක්‍රියා මාර්ග, සාධාරණ වැටුප්, සමාජ අයිතිවාසිකම් ආරක්ෂාව අදී කරුණු පිලිබදව රාජ්‍යය සේවකයා හොඳින් දැනුවත්ව ක්‍රියා නරනු ලබයි.
“ඵලදායීත්වය” නමින් ආවරයන කෙරෙන සේවක හා වැටුප් කපා ගැනීම් හා රාජ්‍ය සේවාවේ දේශපාලන පාලනය කිරීමේ පිලිවෙත නිලධාරි තන්ත්රය තුල තවමත් පවතින බැවින් ඒවා පරාජය කිරීම සදහා සටන් කිරීමට සිදුව තිබේ.
අවාසනාවකට, මේ යුගයේ බ්‍රසීල පාර්ලිමේන්තුව ඉතිහාසයේ අඩු ප්රජාතන්ත්රීය තත්වයන් පෙන්නුම් කරයි. එයට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තුව තුල දක්ෂිනාංශයට සැලකිය යුතු ඉඩකඩක් පැවතිමය. එකිසා ILO කොන්දේසි 151 වන රාජ්‍ය සේවක සාමුහුක සාකච්ඡා අයිතිය සම්මත කිරීමද පමාකරමින් පවතී.
ජනතා ජයග්‍රහණය- කොංග්රස් මණ්ඩල අන්ධභාවය
අවසාන වශයෙන්, මෑතකදී ලැබුණු වඩාත්ම ආශ්වාදජනක දේශපාලන මොහොත ගැන කතා කරමු: ආත්මාර්ථකාමී නීතිවලට එරෙහිව මහජන බලමුලු ගැන්වීමේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
අපරාධ විමර්ශනයෙන් සහ වගවීමෙන් දේශපාලනඥයින් ආරක්ෂා කිරීම අරමුණු කරගත් “PEC (ව්‍යවස්ථාමය වෙනස්කම් යෝජනාව) අන්ධභාවය” ලෙස හැඳින්වෙන පියවර සම්මත කිරීමට ජාතික කොංග්‍රසයේ දේශපාලනඥයින් විසින් මෑතකදී ගත් පියවරට ජනතා විරෝධය මතු විය. මෙය නීතිය ඉදිරියේ විනිවිදභාවය සහ සමානාත්මතාවය පිළිබඳ අදහස්වලට අපහාසයක් විය.
ජනතාව වීදි වල සාකච්ඡාව ආරම්භ කළහ. ප්‍රධාන නගරවල වීදිවල දැවැන්ත, ස්වයංසිද්ධ විරෝධතා සහ අන්තර්ජාලය හරහා දැවැන්ත ව්‍යාපාර මතුවිය. බ්‍රසීලියානු ජනතාව මෙසේ පැවසූහ: “තවදුරටත් දඬුවම් නොලැබීමක් නැත” ඔවුන්ගේ ප්‍රභල සටන් පාඨය විය.
මහජනතාවගෙන් එල්ල වූ පීඩනය කෙතරම් ප්‍රබලද යත්, එය මන්ත්‍රී මණ්යෙන් අනුමත කිරීමෙන් පසුව පවා, යෝජනාව සෙනෙට් සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ යුක්තිය කමිටුව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලද අතර, දක්ෂිනාංශික දේශපාලඥයින්ගේ එම උත්සාහය සම්පූර්ණයෙන්ම නතර කරන ලදී.
මෙම ජයග්‍රහණය ගැඹුරු මතක් කිරීමකි: අපගේ ප්රජාතන්ත්රවාදය මෙහෙයවීමේ බලය ඇත්තේ ශාලා තුළ පමණක් නොව, පුරවැසියාගේ ශක්තිමත් හඬ සහ සෝදිසියෙන් සිටීම තුළ බව ඔප්පු කර පෙන්වීය.
ක්‍රියාමාර්ග ගැනීමට කැඳවීමට එරෙහිව රාජ්‍යය ආරක්ෂා කිරීම
දැන්, කොංග්‍රසය අපරාධකාරී පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ඉදිරිපත් කරයි. එය බ්‍රසීල රාජ්‍යය පූර්ව සේවා සැපයීම සහ ජනගහනයට උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීමට හැකියාවන් අහිමිකර රාජ්‍ය සේවාව දේශපාලන මෙවලමක් බවට පත් කරන ආකාරයේ පනතක් සම්මත කිරීමට උත්සාහයක් පවතී. මෙම පරිපාලනයේ යෝජනාවට වෘත්තිය සමිති විරුද්ධ වූ අතර, කොංග්‍රසයේ මෙම නව උත්සාහය ගැනීමට සූදානම් වේ. එය නැවැත්වීමට හැකි සෑම බලවේගයක්ම එක්සත් කිරීම සදහා වැඩකරන ජනතාව කටයුතු කරමින් සිටිති.
මේ හේතුව නිසා, විධායක බ්‍රසීල ජනාධිපති ධුරයට, නියෝජිත මණ්ඩලයට සහ ෆෙඩරල් සෙනෙට් සභාවට යැවීමට නියමිත මෙම පරිපාලන ප්‍රතිසංස්කරණයට එරෙහිව යෝජනාවක් අප මධ්‍යස්ථානය විසින් අනුමත කර යැවීම යෝජනා කරමි. එමගින් බ්‍රසීල රාජ්‍ය සේවකයා ජනතාව සදහා ලබා දෙන අත්‍යවශ්‍ය සේවාවන් සහතික කිරීමේ දෘෂ්ටි කෝණයෙන් බ්රාජ්ය සේවය ආරක්ෂා කර ගත යුතුව ඇත.
බ්‍රසීල රාජ්‍යය ශක්තිමත්
බ්‍රසීල ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතී. එහි රැකියා වෙළඳපොළ හොඳින් ක්‍රියාත්මක වන අතර, වඩාත්ම වැදගත් දෙය නම්, ප්රජාතන්ත්රවාදී සවිඥානකත්වය සම්පූර්ණයෙන්ම අවදියෙන් සිටීමයි.
බ්‍රසීලයේ ඉතිහාසයේ පළමු වතාවට, හිටපු හමුදා ජනාධිපතිවරයෙකු, ප්රජාතන්ත්රවාදයට එරෙහි උත්සාහයක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් බවට ඔප්පු කර ඇත. එයින් පෙන්නුම් කරන්නේ බ්‍රසීල ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුවෙමින් පවතීන බවය.
බ්‍රසීල ආර්ථිකය ඥානවන්තව කළමනාකරණය කිරීම දිගටම කරගෙන යන්නෙමු. අපගේ සේවකයින්ගේ අවශ්‍යතාවලට සවන් දෙන්නෙමු. ඒ සියල්ලටත් වඩා, අපගේ ප්රගතියේ විශාලතම සහතිකය බ්‍රසීල ජනතාවගේ ක්‍රියාශීලී, නොසැලෙන සහභාගීත්වය බව කිසි විටෙකත් අමතක නොකරමු.
වෘත්තීය සමිති ජාත්‍යන්තරය දිනේවා.
ලෝක වෘත්තිය සමිති සම්මේලනය දිනේවා
වැඩකරන ජනතාවගේ එක්සත්කම දිනේවා.
![]()
