මාලිමා රජයෙන් තැපැල් වර්ජනයට පහර පිට පහර! රජයට සහය දෙමින් පක්ෂපාති සමිති එක්වෙති?

තැපැල් ඒකාබද්ධ සමිති පෙරමුණ ඉල්ලීම් 17ක් මුල් කර ගෙන රජය සමග විසදුම් සාකච්ඡාවට එලඹීමට සූදානමින් අගෝස්තු 17 වැඩවර්ජනයක් දියත් කලේය. එහෙත් රජයේ පිලිවෙත වූයේ එම වර්ජනය අසාධාරන බවත් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට විරුද්ධව දේශපාලන උවමනාවන් මත වැඩවර්ජනය සිදු කරන බවත්ය. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක හා තැපැල භාර ඇමතිවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතා දරදඩු පිලිවෙතක් ගනිමින් රජයේ වේලාසටහන් යන්ත්‍ර යෙදවීම හා අතිකාල ප්‍රතිපත්ති වෙනස් නොකරන බවත්, වැඩට පැමිනීමට අකමැති සේවකයින්ට වෙනත් තැන් සොයා ගන්නා ලෙසත්  ජනමාධ්‍ය සාකච්ඡාවන්හිදීද පාර්ලිමේන්තුව තුලදීද දැඩි ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. 

ජනමාධ්‍ය ඇමතිවරයාගේ සාකච්ඡාවන්ට සූදානමක් නොමැතිව දැඩි ස්වරයේ ප්‍රකාශයට  ප්‍රතිචාරය ලෙස වර්ජන අඛන්ඩ වර්ජනයක් බවට පරිවර්තනය කිරීමට තැපැල් ඒකාබද්ධ කමිටුව ක්‍රියාත්මක විය. එපමණක් නොව වර්ජකයින් තවත් පියවරක් ඉදිරියට ගමන් කරමින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සමතයකට පැමිනීමට සූදානමින් උද්ඝෝෂණය ඉදිරියට ගෙනයන ලදි. ඒ අනුව තැපැල් කටයුතු තවදුරටත් අඩපන වූ අතර, වහාම සාකච්ඡාවන් අරඹන ලෙස තැපැල්පතිවරයා හා පරිපාලන නිලධාරින් ඉතා බැගෑපත් ස්වරූපයෙන් ඉල්ලා සිටියත් සටනේ නියුතු වර්ජකයින් අමාත්‍යවරයා සමග හෝ ජනාධිපතිවරයා සමග හෝ  සාකච්ඡාවකින් එකගතායට පැමිණීමට කැමැත්තෙන් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් සමගද සාකච්ඡා කරමින් සිටින විට ඇමතිවරයා වර්ජනයකයින්ට පහර පිට පහර ගසමින් වර්ජනයට විරැද්ධ තීරණ රැසක් ගන්නා ලදි. නිවාඩු අවලංගු කිරීම, වැටුප් නොගෙවීම, බලහත්කාරයෙන් තැපැල් හුවමාරුවේ ලිපි ආරක්ෂක අංශ යොදවා බෙදා හැරීම ඇරඹීම හා සේවයට නොපැමිණෙන සේවකයින් සේවය අතහැර ගිය අය ලෙස සලකා කටයුතු කරන බවට තැපැල්පති මගින් නියෝග නිකුත් කරන ලදි. 

මේ අනුව වර්ජකයින්ට දැන් ඉතිරිව ඇත්තේ යටත්වී සේවයට වාර්තා කිරීමය. නැතහොත් රැකියාව අතහැර ගෙදරයාමය. එසේත් නොවන්නේ නම් සටන පුලුල් කර මහ වැඩවර්ජනයක් දක්වා ඉදිරියට ඇදගෙන යාමට දේශපාලන පියවරකින් සූදානම් කිරීමය.  මේ සදහා සමිති ඒකරාශි වෙමින් යම් සාකච්ඡා මට්ටමක්ද ඇති කර ගෙන තිබු අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද, පරිපුරක වෛද්‍ය සංගමයද, විශ්ව විද්‍යාල අනධ්‍ය කාර්ය මණ්ඩලද තැපැල් සටන සමග ඒකාබද්ධ නොවුනත් සටන් වටයකට මුලපිරීමට සූදානමක් පෙනෙන්නට තිබුණි. ඒ සියල්ල ආණ්ඩු විරෝධී සටන් නොව බජට් කිට්ටුව පැමිණෙන ඉල්ලිම් සටන්ය.  නමුත් ඒ සියල්ල කනපිට පෙරලුනි.  හිටපු ජනපතිවරයෙක් වන රනිල් අත්අඩංගුවට ගැනීමත් සමග රටම උඩු යටිකුරුවී ගියේය.  

මාලිමා ආණ්ඩුවේ තැපැල් අමාත්‍යවරයාගේ දරදඩු මර්ධනකාරී ක්‍රියාපිලිවෙත නිසා ඉල්ලීම් දිනාගැනීම වෙනුවට රැකියාව බේරා ගැනිම සදහා කටයුතු කිරීමට වර්ජකයින්ට සිදුවෙමින් පවතී. සටන කඩාකප්පල්වී යාමට ප්‍රධාන හේතුසාධකය වූයේ උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වර්ජනයට එක් කර ගැනීමට නොහැකි වීම හා ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිතිය වර්ජනය නොතකා සේවයට වාර්තා කිරීම නිසාය. මෙය ජේ.ආර්. සමයේ 80 මහ වැඩවර්ජනයේදී ජාතික සේවක සංගමය කල ක්‍රියාවන් සමග සංසන්දයනය කල හැකිය. එහෙත් ගෝඨාභය ජනපති වූ පසුව පැන නැගුණු මෙවැනිම ගුරු ඉල්ලිම් වර්ජනයේදී වර්ජකයන්ට පහරදී අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට හමුදා පන්නයේ මැදිහත්වීමක් ජනපති සිදු කලත් කලත්, පසුව දිගින් දිගටම ගුරු වර්ජන පුලුල් වෙමින් ඉදිරියට ඇදෙනවිට පලපුරුදු අත්දැකීම් ඇති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සමිති සමග සාකච්ඡා කර  වෘත්තීය ඉල්ලීම් ගැන සමතයක් ඇති කරමින් වර්ජනය නිමකරවීමට සමත් විය. එදා මාලිමාවේ අය ගුරුසටන සමග අත්වැල් බැදගෙන සටන් මෙහෙයවිය. නමුත් ඔවුන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ට ඔවුනට මෙවැනි සුලු වර්ජනයක්  හෝ විසඳා ගැනීමට දක්ෂකමක් පළපුරුද්දක් හෝ අත්දැකීමක් නැතිකමද එසේ නැතිනම් ඔවුන්ගේ දේශපාලනය වෘත්තීය සටන් මග පිසදාගෙන යන උද්දච්ච හැගීම් හා හැසිරීමේ මාවත ද යන  කරුනු තවම පැහැදිලි නැත. ඔලමොට්ටල ඇමතිවරුන් නිසා මාලිමා රජය කෙරේ වැඩකරන ජනතාව තැබූ විශ්වාසය පලුදුවී යා හැකිබව පෙනෙන්නට තිබේ. 

Loading