මාලිමා ආණ්ඩුව හා අනාගත අභියෝග.

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවේදී වාසුදේව සහෝදරයා දැක්වූ අදහස් වලින් උපුටා ගන්නා ලදී.

වාර්ථා කලේ -සරත් රණසිංහ

 අපි මේ ඉන්නෙ අලුත් ආණ්ඩුවේ අවුරුද්දක් ගත වෙච්ච වෙලාවක.මේ ආණ්ඩුවේ කටයුතු දෙස ආපසු හැරී බැලීමට හොඳ වෙලාවක් මේ අවස්ථාව .නමුත් ආණ්ඩුව ගැන අවසාන නිගමනයකට එන්න ප්‍රමාණවත් වෙලාවක් නෑ.මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම,පාතාලය හා මිනීමැරීම් පිළිබඳව ගන්නා පියවර පිළිබද සෑහීමට පත් වෙන්න පුළුවන්.

ඊළඟට තියෙන කාරණය තමයි ආණ්ඩුවට පුළුවන් කමක් නෑ එදිනෙදා මතුවන කරුණු වලට පමණක් මුහුණදීල ඉදිරියට යන්න.ජාවාරම්කරුවන්,මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ ප්‍රධානීන් ගැන ක්‍රියාකිරීම නිවැරදියි .ඒ වගෙම රජයේ සිටින සමහර මහා නිළධාරීන් ඔවුන්ගේ  හිතුමනාපයට වැඩකිරීමට විරුද්ධව ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.ඒවා නිවැරදියි.නමුත් එසේ එකින් එකට වැඩ කිරීමෙන් යන්න බෑ.ඒ කියන්නෙ එකින් එකට ඒවා මතුවෙන ආකාරයට ගිහින් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුම් දෙන්න බෑ.ඒකට අවශ්‍යයි ජාතික ප්‍රසම්පාදන සැලැස්මක් .1977 වනතුරු එවැන්නක් තිබුනා.ඒ ජාතික ක්‍රමසම්පාදන සැලැස්ම අද නිකන්ම මතකයක් පමණයි.මුදල් අමාත්‍යංශය යටතේ තිබෙනව ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවක්.නමුත් අද ඒක පඹයෙක් පමණයි.ක්‍රියාත්මක ජීවිතයක් අද ඒකට නෑ.

    ඇත්තටම ජාතික ක්‍රමසම්පාදනය කියන්නෙ යම් කාලයක් තුළ රටේ ඇතිවිය යුතු සංවර්ධනය බෙදා වෙන්කරල ඒවායේ ප්‍රධාන අවශ්‍යතාවයන් මොනවාද කියල පැහැදිලි කරල ඒවා සපයන්නෙ කොහොමද කියල පැහැදිලි කරල කටයුතු කිරීමයි.අපි නිකන් ආයෝජකයො ඕන කියල ආයෝජකයො ආකර්ෂණය කරගන්න නීතිහදන එක පමණක් ප්‍රමාණවත් නෑ.අත්‍යව්‍යයි අපේ ඉඩම් පරිහරණය ඊළඟට අත්‍යවශ්‍යයි ප්‍රාග්ධනය .විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයින්ට ප්‍රධාන ලෙස බලපාන දේ තමයි ප්‍රාග්ධනය .ඒ මිනිස්සු දැනටමත් පරාටේ නීතියට අහුවෙලා.ඒ මිනිස්සුන්ගෙ දේපල නැතිවෙලා තියෙන්නෙ.

   ඒ නිසා අවශ්‍යයි ප්‍රාග්ධන බැංකුවක්.ඒකට කියන්නෙ සංවර්ධන බැංකුවක්.ඒක කොමර්ෂල් බැංකුවක් නෙමේ.ඒකෙන් කරන්නෙ සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමයි.එම බැංකුව නිකන්ම ප්‍රාග්ධනය සපයනව පමණක් නෙමේ.ඊට එහා යන සැලසුමක් ඒකට තියෙනව.හැම ප්‍රාග්ධන සැපයුමක් තුලම කොහොමද ඒ කර්මාන්තය හෝ ව්‍යවසාය දියුණුවෙන් ඉදිරියට ගෙනියන්නෙ.ඒවා යම් විදියකින් අසාර්ථක වෙනව නම් එතකොට මැදිහත් වෙන්න ඕනත් සංවර්ධන බැංකුවමයි.ඒ බැංකුවට විශාල වගකීමක් තියෙනව.

ඊළඟට ක්‍රමසම්පාදනයට අවශ්‍යයි රටේ තිබෙන අනෙකුත් සම්පත් ඒවා කොහොමද අපි පරිහරණය කරන්නෙ කියන එක.අපේ සම්පත් අද රටෙන් පිටවන්නෙ අමුවෙන්.ඒවායේ නිර්මිතයක් නැතුවයි පිටවෙලා යන්නෙ.ඒ නිසා ඒකට සැලැස්මක් තියෙන්න ඕන.අපේ අමුඳව්‍ය මේ මට්ටමට දියුණු කරල තමයිඑලියට යවන්නෙ කියල.අපිට බැහැ අන්තිම දියුණුව කරා ගෙන යන්න.නමුත් අපි ගත්තොත් පොස්පේට් නිධිය අපිට පුළුවන් සුපර් පොස්පේට් හදන්න.ඒ දුරට අපිට යන්න පුළුවන්.ඒ වගේමහැම එකකම ඒ කර්මාන්ත දියුණු කිරීමේ එක් අදියරකට යන්න අපිට පුළුවන් .එසේ නැතිව අමුවෙන් මිනිරන් යවල වැඩක් නෑ.ඇත්තටම වෙන්නෙ දියුණු  නොකළ සම්පත් පිටරට යැවීමෙන් අපේ රටට අලාභයක්.අපි දැන් කරන්නෙ දියුණු නෙකරපු අපේ සම්පත් එලියට යවන එක.ඒවාට ලැබෙන්නෙ බොහොම සුළු මුදලක්.අපේ සම්පත් දියුණු කරල අපිට ආපහු එවනව.ඒවට අපි ඉහළ මිලක් ගෙවනව.මේ නිසා මේ ප්‍රධාන සංඝටක සංවර්ධන ජාතික සැලැස්ම තුල හරියට සකස්කරන්න ඕන.ඉඩම්,ප්‍රාග්ධනය ,තාක්ෂණය සැලසුමට අනුව සිදුකරන්න ඕන.

තාක්ෂණය හැමෝටම ගන්න බෑ.ගොවිතැනේ වුනත් තාක්ෂණය යන්ත්‍රෝපකරණ වලට අවශ්‍යයි.ඒ මිනිස්සුන්ට යන්ත්‍රෝපකරණ ගන්න බෑ.ඒව අඩු මුදලට කුලියට දෙන්න රජයට සැලැස්මක් තිබෙන්න ඕන.එහෙම වුනොත් අපේ ගොවිතැන්වල වැඩි ඵළදායිතාවයක් එනව.අද ගොවිතැනේ ප්‍රශ්නය මොකක්ද?වී වලටත් ප්‍රශ්නය,උලුඳු වලටත් ප්‍රශ්නය,අල,ලූණු,සීනිවලටත් ප්‍රශ්න.ගොවියො කියන්නෙ මේවාට ලැබෙන මිල මදි කියල.හේතුව පිටරටින් මේව හැම දෙයක්ම ගෙන්වන නිසයි කියල ගොවියො කියන්නෙ.ඒව මෙහෙ මිලට වඩා අඩුයි.අපේ වියදමත් එක්ක තරඟ කරන්න බැහැ.ඒ නිසා මේ යන වියදම අඩු කරන්න ඕන.ඵලදායිතාවය වැඩි කරන්න  ඕන.ජාතික සැලැස්මේ මේ කරුණු දෙක ඇතුලත් කරල ඉටු කරන්න ඕන.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *