Wed. Mar 18th, 2026

එම සමුලුව නියෝජනය කරමින් ආසියා පැසිපික් කලාපීය වෘත්තීය සමිති වැඩමුලුවක් පැවැත් වූ අතර මෙහිදී නව ලිබරල් ආර්ථිකය නිසා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහිිමිවීම සාකච්ඡාවට ගැනුනු අතර, රටවල් ගණනාවක නියෝජිතයින් සාකච්ඡාවට සම්බන්ධවූ අතර, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඇතැම් කේෂත්‍ර නියෝජනය කරමින් වැඩමුලුවේදී කරුණු දක්වන ලදි. මෙම වැඩමුලුව සංවිධානය කිරීමේදී නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය හා බංගලිදේශයේ ස්වයං රැකියා වෘත්තීය සමිති සම්මේලන කැදවුම්කරුවන් ලෙස ක්‍රියාකරන ලදි. වැඩමුලුවෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කළ අතර, එයට කලාපයේ කම්කරු ජනතාව සමග කටයුතු කරන වෘත්තීය සමිති මෙන්ම අසංවිධිත කේෂත්‍රයේ සංවිධානයන්ද අත්සන් තබනු ලැබීය. ඒ අනුව ඉදිරියේදී ආසියානු පැසිපික් වැඩකරණ ජනතාවගේ සම්බන්ධතා ජාලයක් මගින් කටයුතු කිරීමට තීරණය කරනු ලැබීය.

Loading

About The Author