ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා පැමි‍ණෙන නව තානාපති වෙත පක්ෂයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් මෙම හමුවීමේ පරමාර්ථය විය. දෙරට අතර මෙතෙක් පැවති සහෝදරාත්මක සම්බන්ධතාවය එලෙසම ඉදිරියටත් පවත්වා ගෙන යාම වෙනුවෙන් කටයුතු කරන බව දෙපාර්ශවයම එකග විය. මෙම හමුවීම නොවැම්බර් මස 10 වෙනි දින නාවලදී සිදු විය.

About The Author