විදුලිය ප්‍රතිව්‍යුහයෙන් විදුලිබිල අඩු වෙයිද?

ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් හයක් ලෙස පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අදාළ සමාගම්වල සේවය සදහා අකමැති සේවකයින්ට කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා අවස්ථාව සලසා ඇත. විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) අනුව සේවකයින් 2,173 දෙනෙකු මේ වන විටත් ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. මෙලෙස ඉවත්වන සේවකයන් ලෙස ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ තාක්ෂණික නිලධාරීන් ද ඇතුළත්ය. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයින් සඳහා වන වන්දි දීමනා ගෙවීමේ කටයුතු පෙබරවාරි මාසය තුළ අවසන් කරන අතර,  සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම රුපියල් මිලියන 5 (ලක්ෂ 50) දක්වා සිදුවන බව වාර්තා වී ඇත. වන්දි ගෙවීම හා සේවක වරප්‍රසාද පිලිබද මෑතකදී වෘත්තීය සමිති එක්ව උද්ගෝෂණයක් සිදු කළ අතර එකගතාවයන් අනුව කටයුතු සිදු නොවුනහොත් වර්ජන ක්‍රියාමාර්ගයන්ට ගමන් කරන බව දැනටමත් වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. 

ඒ අනුව පෙබරවාරි 01 දින සිට දැනට පවතින විදුලිබල මණ්ඩලයේ ව්‍යුහය වෙනස් වී, එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 06ක් යටතට පත් වනු ඇත. ඉන්පසුව මෙතෙක් පැවති විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සිදු වන අතර නව සමාගම් යටතේ එහි කටයුතු සිදු කරගෙන යාමට නියමිතය.

Loading