විදේශ ශ්‍රමිකයින්ගේ පහසුකම් හා රැකවරනය සඳහා නව වැඩපිලිවෙලක් යෙදිය යුතුව ඇත.

2025 දී ශ්‍රී ලංකාවට සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.076 ක් සමඟින් නව සර්වකාලීන ඉහළම වාර්තාවක් පිහිටුවා ඇත. 2024 දී ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ට සාපේක්ෂව මෙම 22.8% වර්ධනයක් පෙන්නුම් කරයි.  මෑත වසරවල අත්විඳින ලද ඉහළ සේවක පිටවීම් සංඛ්‍යාව මගින් මෙම ආදායම් වැඩිවීම හැඩගැසී ඇත.

රටේ ගෙවුම් ශේෂය මත පීඩනය ලිහිල් කිරීම සඳහා සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, ඔවුන් විඳදරාගන්නා දුෂ්කරතා සහ කැපකිරීම් බොහෝ විට නොසලකා හරිනු ලැබේ.  සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන අභියෝග රාශියක් පවතී.  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයන දෙකකින් එය තහවුරු වී ඇති අතර,  විශේෂයෙන් කාන්තා ශ්‍රමිකයින්ගේ පවුල් හා දරුවන්ගේ තත්වය ඉතා අර්බූධකාරී තත්වයක පවතී.  විශේෂයෙන් විදේශ විනිමය සොයා එවනු ලබන ශ්‍රමිකයින්ගේ නිවාස පහසුකම, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම හා රැකවරනය ගැන රජය වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතු අතර, ඒ සදහා නව වැඩපිලිවෙලක් යෙදිය යුතුව ඇත. 

Loading