පලස්තීන ජන ඝාතක යුද්ධය නැවැත්වීම, පලස්තීන රාජ්‍ය පිලිගැනීම, එක්සත් ජාතීන්ගේ එකඟතාවන් කඩ කරමින් මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරිම් නැවැත්වීම. පලස්තීන ජනතාවගේ අයිතිය පිලිබදව මෙතෙක් ශිු ලංකා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙනේ. එබැවින් වර්ථමාන ආන්ඩුවේ මුනිවත රැකීම අත්හැර ජාතිකව හා ජාත්‍යන්තරය පලස්තීන වැසියන්ගේ අයිිතිය වෙනුවෙන් කිුයාකාරීව කටයුතු කිරීිම ඉතිහාසය පුරා නොබැදි ව්‍යාපාරයට නායකත්වය දුන් රටක් ලෙස අත්‍යාවශ්‍යව පවතී.
මේ වන විට අප රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට බාධා වෙන අයුරින් නැගෙනහිර මුහුදු වෙරල තීරයේ සිදුවන විදේශීය සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් අපසු ඔවුන්ගේ රටවලට නොගොස් ඉඩම් මිලදී ගෙන තම ව්‍යාපාර කටයුතු කර ගෙන දිගටම රැදී සිටීම නිසා ලාංකික සුලු ව්‍යාපාරිකයින්ටද ප්‍රශ්ණයක් වී තිබේ. එසේම රජය මේ කෙරේ නිසි සැලකිල්ලක් නොදැක්වීම නිසා ප්‍රදේශයේ බහුතර ජනතාව වන මුස්ලිම් දෙමළ ජන කොටස්ද කලකිරීමට පත් වෙමින් තිබෙන බව සැලයි. එබැවින් ලංකාවේ සියලු පක්ෂ, වෘත්තීය සමිති, මන්ත්‍රිවරුන් හා විද්වතුන් ඒකරාශී වෙමින් ” පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය” ලෙස සංවිධානයක් ගොඩනැගීම අගෝස්තු 05 දින කොමියුනිස්ට් පක්ෂ මූලස්ථාන යේදී සිදු විය.
මෙහි පලමු උද්ඝෝෂණික පියවර ලෙස අගෝස්තු 14 වෙනිදා පලස්තීන තානාපති කාර්යාලය අසල සිට පෙලපාලියකින් ගමන් කර එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සංදේශයක් භාර දීමටද එදින අනුමත විය. ඊට අමතරව සියලු පලාත් පාලන ආයතන තුලදී පක්ෂ විපක්ෂ සියලු දෙනා එකවී යුද්ධය නවත්වා පලස්තීන රජය පිලිගැනීමේ එක්සත් ජාතින්ගේ යෝජනාවට සහය පලකර යෝජනා සම්මත කිරීමටද එකගතාවයක් ඇතිවිය.