ලෝකය අලුතින් පෙලගැසෙන්නේ සියලු රටවල රුදුරු බලවේගයන්ගේ කුරිරු ඒකරාශීවීමක් ලෙසය. ඒ සදහා ප්රතිගාමී බලවේග රුකුල් දෙයි. මෙහි සැබෑ ස්වරූපය කුමක්ද?මෙයට හේතුව ඇමරිකන් ඩොලරය සහ ඇමරිකන් ආර්ථිකයේ දරුනු අර්බූදයයි. මේ නිසා වියරු වැටෙන ඇමරිකන් රාජ්‍යය තනිවම නමුත් සිය ඩොලරයේ පැවැත්ම උදෙසා මහා යුද්ධයක් අරඹා ඇත. ඩොලර් නොවන මුදලින් තෙල් වෙලදාමෙහි යෙදෙන සියලු රාජ්‍යයන්ට ඒ සදහා යම් ඉඩක් දුන්නත්, ඉක්මනින්ම තෙල් ඇතුලු ලෝක වෙලදාම ඇමරිකන් ඩොලර් වලට හැරවීම තීරණාත්මකය. මෙය බරපතල අභියෝගයකි.
විවිධ ගිවිසුම් මගින් මේ සදහා විවිධ ආර්ථික රටාවන්ට අයත් රාජ්‍යයන්ද ඇතුලත්ව ලෝකයේ මහා ආර්ථිකයන්, ජාත්‍යාන්තර වෙලදාමේදී විවිධ මුදල් වර්ග යොදා ගනී. සමස්ත ජාත්‍යන්තර වෙලදාමේ 2000දී 71්% පමන මෑතක් වනතුරු සිදුකරනු ලැබුවේ ඇමරිකන් ඩොලරයෙන්ය. 2021 වන විට එය 59% දක්වා අඩුවිය. අදවන විට 2025/26 56.7% (ජා.මු.අ.දත්ත ඇසුරෙනි.) එම ප්‍රමාණයට පහත වැටී ඇත. මෙයින් මතුවන ප්‍රශ්ණය වන්නේ ඇමරිකන් ඩොලර් සදහා ඇති ඉල්ලුම අඩුවීමය. එහි ප්‍රථිපලය වන්නේ ඇමරිකානු ආර්ථිකය දුර්වලවීම සහ පහල වැටීමය. එවිට ඇමරිකාව සමාජ අර්බූදයකට මුහුණදීමය. මෙය කරනකොට ගෙන ධනවාදී කදවුරේම කම්පනයක් ඇති කළ හැකිය. මෙය ඇමරිකාව ඇතුලු ලෝක ධනපති කදවුරේම නැවත ලෝක යුද්ධයක් අවුලවමින් නැවත සම්පත් බෙදා ගැනීම අවශ්‍ය විය හැකිය. ඉරාන යුද්ධයෙන් යුරෝපය මග හැර සිටියේ ලෝක තත්වය එතරම් තීරණාත්මක නැති බව ඔවුන්ගේ නිගමනය වු හෙයින්ය.
කෙසේ වෙතත් දරුණු ආර්ථික හා සමාජ අර්බූදයකට යන ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සෑම රටකම ප්රතිගාමීන් සහ කලු කමිසකාරයින් උලුප්පා උසිගන්වා ඔවුන් පැසිස්ට් තාලයේ බලය ගැනීමකට පොලඹවා සෑම රටකම පැසිස්ට් බලවේගයන් මුදාහැරීමට ක්‍රියාත්මක වනු ඇත. මෙයට මුහුණ දිය හැක්කේ සැබෑ වාමාංශික එක්සත් බලවේගයකින්ය. මැදමාවතේ දේශපාලනයකින් මෙයට මුහුණ දිය නොහැක්කේය.
වාසුදේව නානායක්කාර
ලේකම්. පු.වා.පෙ.




