සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුම

මෙවර මැයි දිනය සමාජවාදී ජනතා පෙරමුණ ලෙස පැවැත්වීමට තීරණය කරන ලදි.  එහි පක්ෂ ලෙස කොමියුනිස්ට්  පක්ෂය, ප්‍රජාතන්ත්‍රවා දී වාමාංශික පෙරමුණ,  ලංකා සම සමාජ පක්ෂය එක්ව මැයි දිනය සැමරීමටත් තීරණය විය. මෙවර මැයි දිනයේ තේමාව වූයේ  ආර්ථික  ස්වෛරීත්වය සදහා ජනතා බලයක් ගොඩනගමු යන්නයි.

 

මේ අනුව මැයි දින කටයුතු සංවිධානය වූ අතර,  ආයුර් වේද මංසන්ධිය අසලින්  පෙළපාළිය පිටත් වීමට සංවිධානය කර තිබුණි.  පසුව පෙළපාලිය සේනානායක හන්දිය,  බොරැල්ල හන්දිය පසු කරමින් කොමියුනිස්ට් පක්ෂ  භූමිය වෙත පැමිණීමට නියමිත විය.  

පෙළපාලිය ආරම්භ කිරීමට ප්‍රථමව පක්ෂ නායකයින් එක්වී ආචාර් ය එන්.එම්. පෙරේරා  පිලිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමට ලංකා කමිසමාජ පක්ෂයේ සහෝදර පිරිස  සූදානම් කර පැවතුනි. ඒ අනුව පුෂ්පෝපපහාර දැක්වීමෙන් අනතුරුව පසු මැයි  පෙළපාලියේ ආරම්භය සිදු විය.

මේ අනුව පෙළපාලියේ  සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රධාන බැනරය යටතේ පක්ෂ නායකයින් ගමන් ගමන් කරන ලදි.  ඉන් පසුව වැඩ කරන ජනතා ව්‍යාපාරයට ‍ජාත්‍යන්තර  නායකත්වය දෙනු ලැබූ ලෝක නායකයින් වන මාක්ස්, එංගල්ස්, ලෙනින් යන  අනුරු රැගත්  පිරිසක් ගමන් ගත්තේය. 

ඉන් අනතුරුව ලංකා සම සමාජ පක්ෂය පෙරටුව පක්ෂයේ සංවිධාන ගමන් කළ අතර, ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පක්ෂයේ ඇහැලියගොඩ ආසනයේ තරුණ පිරිස පක්‍ෂයේ කොඩි ලෙලවමින්  ගමන් කලේය. ඉන් අනතුරුව පක්ෂ බැනරය  යටතේ පක්ෂයේ නායක සහෝදරවරුන්ද,  අනිකුත් සාමාජික පිරිස්ද එක්  එක් විය. 

මෙම පෙළපාළිය සංවිධානය කිරීමේදී  විශේෂ ලක්ෂණය වූයේ  පෙලපාලිය ආරම්භ කෙරෙන ස්ථානය වෙත පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා අසනීප තත්වයේ සිටියත් සහභාගී වී සිටීමය.  සාමාජික පිරිස ඔහුත් සමග ගැවසෙමින් උනන්දුවෙන් ඡායාරූප ගැනීමටද උත්සුක විය. පෙලපාලිය ආරම්භයත් සමග සටන් පාඨහඬ නගමින් ගමන් ගත් නායක පිරිසත්, අනිකුත් සංවිධානද බැනර් සමග එක්විය.  

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙහි පෙළපාලියේ විශාල පිරිසක් සමග සංවිධානය කර තිබුණි.  එම පෙළපාලිය තුළද දිස්ත්‍රික් නායකත්වයන් ද, වෘත්තීය සමිති සංවිධානයද,  ප්‍රාදේශීය සංවිධාන හා  කාන්තා සංවිධාන දැක්වෙන බැනර් හා සටන්පාඨ පුවරු රැගත් පිරිසක් ආකර්ශනීයව ගමන් කරන ආකාරයක්  පෙන්නුම් කළේය. 

පෙළපාළි ගමන් කිරීමේදී පිරිස් බලය පැහැදිලි ලෙස පෙන්නුම් කෙරුණේ සේනානායක  හන්දියේ සිට බොරැල්ල හංදිය දක්වාම එකම මිනිස් පවුරක් ලෙස පෙළපාලියේ පෙළ ගැසී තිබීමය. පෙළපාළිය රැස්වීම් භූමියට පැමිණෙන අවස්ථාවේදී ඉදිකර තිබූ කුඩා වේදිකාවක සිට කොමියුනිස්ට් පක්ෂයේ හා සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ සහෝදරයාද, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති ජීවීඩී තිලකසිරි සහෝදරයාද ලංකා සමසමාජ පක්ෂයේ  නියෝජ්‍ය ප්‍රධාන ලේකම හපුආරච්චි  සහෝදරයාද එක්ව පෙළපාලිය පිළිගැනීමේ කටයුතු සිදුකරන ලදී. 

මැයිදින රැස්වීමේ කටයුතු ආරම්භයට පෙර වාමාංශික ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ නායකයින් වන හිටපු අමාත්‍යවරැන් වන වාසුදේව නානායක්කාර, ඩියු ගුණසේකර සහෝදරයාත් යන සහෝදරවරුන් වෙත ආරාධනය කරන ලදී. මැයි දිනයේ ජාතික යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වීරසුමන වීරසිංහ සහෝදරයා විසින්ද ජාත්‍යන්තර යෝජනාව අනිල් සහෝදරයා විසින්ද  ඉදිරිපත් කරන ලදී 


ලංකා කම්කරු සම්මේලනය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති  සම්මේලනය, ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති සම්මේලනය  නියෝජනය කරමින් සහෝදරුන් අදහස් දැක් වුහ. කාන්තා නියෝජනය වෙනුවෙන් ලියඅභිමානි කාන්තා සංවිධානය නියෝජනය කරමින් නිලන්ති දීපිකා ගුණරත්න  සහෝදරිය අදහස් දැක්වුවාය. දේශපාලන පක්ෂ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ සහෝදරයාද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති තිලකසිරි සහෝදරයාද, ලංකා සංසමාජ පක්ෂයේ උපසභාපති වෛද්‍ය රුක්මාල් සහෝදරයාද අදහස් දක්වන ලදී .ඉදිරි මග සහෘද කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී විමුක්තිකාමී රිද්මයානුකූල ගීතයකින් පසුව මැයිදින රැලියේ කටයුතු අවසන් විය.

Leave a Comment

Scroll to Top