අප පක්ෂයට දේශපාලන තත්වය හරියාකාරව හදුනා ගැනීමට හැකිවීම විශේෂයකි. මාලිමා ජයග්‍රහනය ජනතාවාදී වාමාංශික ජන බලවේගයේ ජයග්‍රහණයක් ලෙස අප සැලකුවෙමු.
වමෙන් ඉදිරියටයාම අද තිබෙන දේශපාලන සන්ධිස්ථානයේ ඉදිරිමග බවත්, මැද මාවත, දක්ෂිනාංශයට යටවීම නිසා දේශපාලන යතාර්ථය මෙය බැව් අපි නිර්භීතව ප්‍රකාශ කලෙමු. ඒ අනුව මැතිවරණවලදී අප තරඟ නොකරන තැන්වල මාලිමාවට අපි සහයෝගය පල කලෙමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් මුලුමනින්ම යට නොවී ගතහැකි පියවර කුමක්දැයි සාකච්ඡා කිරීමට මුල පුරන ලෙස ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ලෙස අප පක්ෂය ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර සහෝදරයාගෙන් ඉල්ලා සිටියේය. නමුත් පිලිතුරක් නැත.
ජනතාවාදී වාමාංශික එක්සත් ජන පවුරක් ගොඩනඟා ගෙන දක්ෂිනාංශයෙන් හා ප්රතිගාමිත්වයේ කුමන්ත්‍රණ පරාජය කිරීමට සූදානම් වෙමු යැයි මහමැතිවරණය වනවිට යෝජනා කලෙමු. එයටද පිලිතුරක් නැත. අප පෙන්නා දෙන මග හැර රටටත්, ජනතාවටත්, රජයටත් දක්ෂිනාංශික කුමන්ත්රණවලින් බේරී යා හැකි වෙනත් මගක් නොපෙනේ.