Wed. Mar 18th, 2026

ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල් කර ගෙන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක නිරත වන්නේ යැයිද ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට රජය සූදානම් වන්නේ යැයි ද චෝදනා ඉදිරිපත් කරයි.

ජනතා පරමාධිපත්‍ය හිමි සර්වජන ඡන්ද බලය අනුව සියලු බලඅධිකාරයන් පත්වීමත්, භාෂණයේ නිදහස, ජනමාධ්‍ය නිදහස හා දේශපාලන පක්ෂ නිදහස පවතින තුරා මෙබදු අභූත බියකින් රජයට විරුද්ධව අවි අමෝරාගෙන ඒමට ජනතාව කැදවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.

බලයට පත්වන ආණ්ඩු සිය ප්‍රතිපත්ති සහ සිය දේශපාලන උවමනාවන් සදහා පොලිසිය, හමුදාව යොදවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස පාගා ගත් අවස්ථා මේ රටේ ඉතිහාසයේ මකාදැමිය නොහැකිය.

කෙසේ වෙතත් ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්ථවත් කිරීම සදහා සියලු ජනතාවාදී බලවේග පෙලගැසිය යුතුය.

කාහටත් එකසමානව නීතිය ක්‍රියාත්මකවීම යහපත් ලක්ෂණයකි. එය මර්ධනකාරී උපායක්ද නොවිය යුතුය.

 ධම්මික පීරිස්

සංවිධායක ලේකම්

Loading

About The Author