විදුලිබල මණ්ඩල සේවක අරගලය ආණ්ඩුවේ පිලිවෙතට තර්ජනය කරයි.  

ලංකා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති  – කෝසල අබේසිංහ සහෝදරයා

අවුරුදු ගණනාවක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පල්වෙමින් පැවති නොවිසඳුනු ප්‍රශ්න හේතුකොට ගෙන ස්ථාන ගණනාවක වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු නිරාකරණය කර ගැනීම  සඳහා උද්ඝෝෂණ ,වැඩවර්ජන හරහා සටනට පැමිණ ඇති බව පෙනේ.

පසුගියදා පැවති තැපැල් සේවක වැඩ වර්ජනය ඒ අතර ප්‍රධාන වූ අතර ,ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයෙන් බැහැරව වෘත්තීය සමිති සමග සිදුකරන ලද සාකච්ජාවකින් අනතුරුව එය තාවකාලිකව නතරවිය.

මේ වනවිට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති ඇතුළු සමස්ත වෘත්තීය සමිති ඉල්ලීම් විසි ගණනක් වෙනුවෙන්  පසුගිය 04 වෙනිදා සිට ආරම්භ කර ඇති අකුරට  වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු  ප්‍රතිචාරයක් නොගැනීම හේතුවෙන් ලබන 21 වනදා සිට මහා වැඩ වර්ජනයක් දක්වා තම සටන පුළුල් කරන බව ලංකා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ ප්‍රකාශ කලේය.    විදුලි මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට සේවකයන් විරුද්ධ නැති බවත්,

විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩා අනාගතයේ විකුනා දැමීමට පිඹුරුපත් සකස් කරන දැනට යෝජනා කර ඇති ප්‍රතිව්‍යුුහගත කිරීමේ වැඩ පිළිවෙළට සියලු වෘත්තීය සමිති විරුද්ධ බවත් ආර්ථිකය කඩාවැටීම වලක්වා ගැනීමට නම් වහාම සාකච්ඡාවට එන ⁣ලෙස ඇමතිවරයාට සහ ආණ්ඩුවට බල කරන බවත් ඔහු පැවසීය.

මේ අනුව ආණ්ඩුව සාකච්ඡා නොකර වැඩ වර්ජන තත්වය ඉවර කර ගැනීමට කටයුතු නොකළහොත් එය දැවැන්ත අර්බුදයක් බවට පත්වීමට ඉඩ ඇති බව ආණ්ඩුවට පෙන්වා දෙමි.මේ අතර රංජන් ජයලාල් මෙම සටන පාවාදී ඇති බවත්,ඔහුගේ වෘත්තීය සමිතිය සහ ආණ්ඩුව අතර තිබූ සහසම්බන්ධය මේ වනවිට බිදීගොස් ඇත.

මේ අතර 2021-2024 අතර කාලයේ විශ්‍රාම ගිය සේවකයන්⁣ට පසුගි අයවැයේදී වැඩිකළ වැටුප් 2025චක්‍රලේකයෙන් නොලැබෙන බවත්,එය ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන බවත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විශ්‍රාමිකයෝ විශාමික උද්ඝෝෂණයේදී පැවසීය.

මේ අතර වසර 5ක් රජයේ පාසල් වල ඉගෙනීමේ කටයුතු කළ උපාධිධාරී ගුරුවරුන් 16,600කට නිත්‍ය පත්වීම් ලබාදීමට තවත් වීභාගයකට පෙනී සිටීමට සිදුවන බවට ගෙන ඇති තීරණයට  විරුද්ධව පාසැල් සංවර්ධන නීලධාරීන්ද දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර තම ඉල්ලීම් ලබා නොදුනහොත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන බව සමස්ථ ලංකා සංවර්ධන නිළධාරී සංගමය රජයට අනතුරු අඟවයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත් වීමෙන් ලංවීම වැඩ වර්ජනය තාවකාලිකව නතර කරයි!!

සරත් රණසිංහ වාර්තා කරයි.

         ලංවීම වෘත්තිය සමිති විසින් සැප්.21දින ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් තාවකාලිකව නතර කිරීමට වෘත්තීය සමිති පෙරමුණ තීරණය කළබව ලංවීම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් විදුලි බල මණ්ඩලයේ අමාත්‍යවරයාට විදුලි බල ආරවුල පිළිබඳව සිදුකර ඇති දැනුම්දීම අනුව කම්කරු කොමසාරිස්තුමා තම වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් සඳහා සහභාගිවන ලෙස දැනුම් දී ඇති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයා ,කම්කරු කොමසාරිස් හා අමාත්‍යවරයා සමග පවත්වන සාකජාවකින් අනතුරුව වෘත්තීය සමිති දැනුවත්කරන බවට ලබාදුන් ප්‍රතිඟූව අනුව විසඳුම් නොලැබුනහොත් වැඩවර්ජනය පිළිබඳව නැවත තීරණයක් ගැනීමට සියලුම වෘත්තීය සමිති තීරණය කළ  බවත් එතෙක් දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ තීරණය අඛන්ඩව සිදුකරන බවත් කෝසල අබේසිංහ සහෝදරයා පැවසීය.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *