ස්වීඩනයේ පිහිටි ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදය සහ මැතිවරණ ආධාර ආයතනය (IDEA) 2025 සඳහා එහි ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇති බව වාර්ථා කරයි. රටවල් 173 ක් අතුරින් පසුගිය වසරේ ශ්‍රී ලංකාව 73 වන ස්ථානයේ සිටි අතර මේ වන විට 58 වන ස්ථානයට පත්ව තිබේ. එම නැගීමට හේතු වූයේ නව රජය, ප්රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස ක්‍රියාත්මක කිරීම නිසා බව පෙන්වා දෙයි. පොදු ජන සහභාගීත්වය සහ මැතිවරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සියලුම රටවල් අතරින් ඉහළම සියයට 25 අතර සිටින බව ද වාර්තා කරයි.
එසේම ලෝක බැංකුවෙන් 2025 සඳහා වූ සිය වාර්තාවේ රජයට ප්‍රශංසාවක් කර ඇත. ශ්‍රී ලංකාව “ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කරමින් තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක්” ලබා ඇති බව වාර්තා කලේය. “1980 සිට ලොව පුරා රටවල් 123 ක මෙවැනි බිදවැටීම් වලදී සිදුකරන ලද සමාන උත්සාහයන් 330 කට වඩා සසඳා බලා , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම ගැලපීම තියුණු හා වේගවත් වි ඇත.” යනුවෙන් දක්වා තිබේ. රාජ්‍ය වියදම් පාලනය හා දේශපාලඥයින්ගේ වියදම් සීමා කිරීම පැසසුමට ලක්කරමින් “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා රාජ්‍ය මූල්‍ය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට රට දැන් හොඳින් ස්ථානගත වී ඇත” යනුවෙන්ද සදහස් කර තිබේ. රාජ්‍ය වියදම් වඩා හොඳින් කළමනාකරණය කර ඉලක්ක ජය ගතහැකි වුවහොත් 2029 වන විට ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකකින් පමණ ආදායම රැස් කර ගත හැකි බව එම වාර්තාවේ නිගමනය වී තිබේ. මෙහි පිටුපස ඇත්තේ ආණ්ඩුවට බටර්ගාමීන් ඔවුන්ගේ ණය අයකර ගැනීමේ උපායද යොදා ඇති බවය.
ඒ බව පෙනී යන්නේ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ද රජය අපේක්ෂා කළ ප්‍රමාණයක සැලකිලි නොලැබීමය. ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 න් 43 ක සහයෝගය තමන්ට ලැබුණු බව රජය ප්‍රකාශ කළත් එහිදී සිදුවී ඇත්තේ එවැන්නක් නොව රටවල් 47 න් හයක් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දක්වන බැවින් අනිකුත් රටවල් 41 ද නිහඩ අනුමැතියකට ඉඩ සලසා අප රට තනිව එම යෝජනා ප්රතිකේෂප කරන තත්වයට පත්වී තිබේ.
විවිධ කලාප නියෝජනය කරන බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ දේශීය උත්සාහයන්ට පක්ෂව කතා කළ අතර ජාත්‍යන්තර මැදිහත්වීම විවේචනය කලත් ට්‍රම්ට බියවී රජය හැකිලී සිටින බැවින් ලංකාවේ මිතුරන් පවා නිහඩව බලා සිටින තත්වයක් උදා කලේය. කෙසේ වුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ රට අඛණ්ඩව සම්බන්ධ වීම ඔවුන් පිළිගත් අතර , අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම, ඉඩම් ආපසු ලබා දීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම, රජ්‍ය පාලනය පිලිබද ගැටළු සම්බන්ධයෙන් රට තුළ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යොමුවීමේ ප්‍රගතියක් ද පෙන්නුම් කරන බවට ඔවුන්ගේ පිළිගැනීමටද ලක් විය. නමුත් ලංකාව පිලිබදව ජාත්‍යන්තරයටද පිලිගත හැකි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අභියෝගය රජයට පවතින බව රජයට විරුද්ධව යෝජනා සම්මත කිරීමෙන් පෙන්නුම් කරයි. එය කඩුවක් අතැතිව බලවතුන් ලංකා රාජ්‍ය පසුපස පන්නා ගෙන ඒමක් ලෙස තේරුම් ගත යුතුය. එබැවින් දේශීය යාන්ත්රණයකින් පවතින ප්‍රශ්ණ නිරවුල් කර ගැනීමට රජය උත්සුක විය යුතු බව ඔවුන්ගේ කෙනිත්තීම් වලින් තේරුම් ගත යුතුය.
![]()
