මහින්ද ජනපති තුමා වාසුදේව සහෝදරයාගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන තැබූ සටහන

ආදරණීය මහින්ද ජනපති තුමනි,

අප දෙදෙනාගේම තරුණ වයසේ අප හමුවූයේ ප්‍රතිගාමි බලයට විරුද්ධව මැද මාවත හා වම එකතු කිරීමටයි. එම සන්ධානයෙන් මේ රටේ ගොඩ නැගූ ආණ්ඩු මගින් ජාතික නිදහස උදෙසාද, පොදු ජනයාගේ යහපත උදෙසාද, කරන ලද සේවය අදත් එකල පරම්පරාවට මතක සටහන්ය.

ඔබතුමා කම්කරු ඇමති වූ අවස්ථාවේ මා ඔබතුමාගේ සහායක මන්ත්‍රිවරයා ලෙස පත්විය. ඒකල ප්‍රදේශයේ නිදහස් වෙලද කලාපයේ විශාල සමාගමක වැඩ වර්ජනයක් හට ගත්තේය. එකී කම්කරුවන් විශාල ප්‍රමාණයක් ඔබතුමාගේ අමාත්‍යාංශයට පැමිනියහ. ඔවුන්ගේ නායකයින් හමුවී ප්‍රශ්ණය විසදා දෙන බවට ඔබ තුමා පොරොන්දු විය. එහෙත් ඔවුන් ප්‍රශ්ණය විසදන තුරු ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ඔවුන් නොවන බව පැවසූය. ඔබ තුමාට මමත් අනුබල දෙමින් ඔවුන්ට කියා සිටියේ අමාත්‍යාං ගොඩනැගිල්ලේ රැදී සිටියාට කමක් නැති බවය. පසුව ඔවුන්ගේ රාත්‍රි ආහාරය වෙනුවෙන් කෙටි කැම ටිකක් ඔවුන්ට ලබා දෙන ලෙස ඔබතුමා නියෝග කලේය.

තවත් කම්කරු ආරවුල් ගණනාවකදී ඔබතුමා කම්කරුවන්ගේ පැත්රෙතන් ආරවුල් විසදීමට මැදිහත්විය. ප්‍රතිඵලය වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනිය මහින්ද ඇමති තුමා කැදවා හාම්පුතුන්ගේ පැමිනිල්ලක් උඩ මහින්ද කම්කරුවන්ට පක්ෂව තීරණ ගැනීම ගැන චන්ද්‍රිකා ඇයගේ අසතුට පලකලාය. එවිට මහින්ද පිලිතුරු දුන්නේ මෙසේය. ”මම කම්කරු ඇමතිවරයා විනා හාම්පුතුන්ගේ ඇමති නොවන නිසා එසේ මම එසේ කලෙමි.” යනුවෙනි.   මහින්දගේ ඇමති ධූරය ක්ෂණිකව අහිමි වී ධීවර ඇමති ධූරයට පත් කරන ලදි. මමද සහායක මන්ත්‍රි ධූරයෙන් ඉවත් වීමි.

ඔබතුමා මගේ දුකසැප බැලීමට මගේ නිවසට පැමිණීම ගැන අවංක ආදර ස්තුතිය පුදකරමි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර

2025-09-11

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *