Wed. Mar 18th, 2026

1945 ලෝක යුද්ධය අවසන් වූ පසුව ලෝකය පුරා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් පැවති වෘත්තීය සමිති සෝවියට් දේශයේ අනුග්‍රහය ඇතිව පලමු සම්මේලනය පැවැත්වූයේ දැනට වසර 80කට පෙරය. සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව  එම වෘත්තීය සමිති ව්‍යාපාරය නව මුහුණුවරක් ගනිමින් අධිරාජ්‍යවාදයට, නව ලිබරල්වාදී මාවතට හා පුද්ගලීකරණයට එරෙහිව මෙන්ම පලස්තීන නිදහස් සටනට සහය පළකරමින්  සටන්වදිමින්  සිටිති. එම සම්මේලනයේ 80 වෙනි සැමරුම පසුගියදා පැරිස් නගරයේදී ලෝකයේ වෘත්තීය සමිති නියෝජිතයින්ද එක් කර ගෙන උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සහෝදර සංවිධානයක් වන රාජ්‍ය අංශයේ වෘත්ති සමිති ජාත්‍යන්තරයේ සමුලුව පලමුව පවත්වා ඇත්තේ 1949 දීය. මේ වන විට 76 වසරක් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තර සංවිධානයට පැවරේ. එහි 76 වෙනි සැමරුම 2025-10- 30 දින දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නගරයේදී පැවැත්වේ. ලංකාව නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටු ප්‍රධාන ලේකම් සහභාගීවීමට නියමිතය.

Loading

About The Author