විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදුලි සේවා ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිදුකරන ලෙස බලකර තිබේ.  IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන මෙම වැඩසටහන් අනුව, රටට ලැබෙන ණය හා මූල්‍ය සහය ලබා ගැනීම සඳහා දෙකක්  එකක් තෝරාගැනීමට සිදුවනු ඇත. :

”විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම ” එනම් විදුලි පරිභෝගය සඳහා වන මිල  විදුලි නිෂ්පාදන පිරිවැයට අනුව සෘජුව ගැලපීම.

”ස්වයංක්‍රීය මිල ගැලපුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම’  මින් අදහස් කරන්නේ වන්නේ විදුලි පිරිවැය (ඉන්ධන, ද්‍රව්‍ය හා අලුත්වැඩියා වියදම්) ඉහළ යෑමත් සමඟ, ඒ අනුව විදුලි මිලත් ස්වයංක්‍රීයව නැවත නැවතවැඩිවීම ය.

මෙය ජනතාවට විශාල බලපෑමක් ඇති කරයි. විදුලි බිල වැඩි වීමෙන් පවුල් ජීවිතය පමණක් නොව, කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර හා සමාජ සේවා ක්ෂේත්‍රයටද බලපානු ඇත.

එසේම, විදුලි සේවාව  පෞද්ගලික අංශයට නොදෙන බව රජය සදහන් කලත්  රාජ්‍ය සමාගම් යටතට පත් කලත් ඒවා අවසානයේ අර්බූදය හමුවේ කොටස්වෙලද පොල වෙත ගෙන යාමේ මෙම රජය මගින් හෝ නැතහොත් පත්වෙන වෙනත් රජයක් මගින් කලහැකි වේ. එයින් සිදු වන්නේ ජනතාවට මෙතෙක් තිබු අයිතිවාසිකමක් හා විදුලි සේවාවට ඇති සමාන ප්‍රවේශය අර්බුදයකට ගෙනයාමය. රනිල් රාජපක්ෂ යුගයේ එකවිට ලක්ෂ ගණනකගේ විදුලි විසන්ධි කරනු ලැබුවේ ජා.මු.අරමුදලේ න්‍යාය ක්‍රියාවට නගා ණය ලබා ගැනීම වෙනුවෙන්නි. ජා.ජ.බ. ආණ්ඩුවටද එම කසායම පොවමින් සිටින බව පෙනෙන්නට ඇත.

විදුලි සේවාව ජාතික අයිතියක් ලෙස සුරක්ෂිත කරගැනීම අව්‍ශ්‍යය. රජය සහ විදුලි මණ්ඩලය විසින් IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර පොදු සංවාදයකට ඉඩකඩ ලබා දෙමින් , පුරවැසියන්ගේ සහ සේවකයින්ගේ අදහස් සලකා බැලිය යුතුය. විදුලි පිරිවැය අඩු කිරීමේ ක්‍රම, උචිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම, හා සුරක්ෂිත විකල්ප බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම වැනි යෝජනා සමග විකල්ප මතය ඉදිරිපත් කළ යුතුය.

IMF නිර්දේශයන්ට අනුව විදුලි මිල වැඩිවීම අනිවාර්යෙන්ම ජනතාවගේ ජීවිතයට පීඩාවකි. එසේම විදුලි සේවාව  සමාගම් යටතට පත්  කිරීමෙන් අනාගත පරපුරට විදුලි සේවාව ප්‍රවේශ වීමේ අයිතිය අහිමි වීම ගැන කිසිවෙකුටත් සහතික විය නොහැකිය. 

 ජනතාවගේ සහ සේවකයින්ගේ එකඟතාවය  නොමැතිව රජය පියවර ගතහොත් පරිපාලනමය හා සමාජමය ගැටුම්වලට හේතු වේ.

විදුලි බිල වැඩිවීමෙන් ජීවන වියදම  ඉහළ යෑම සහ සාමාන්‍ය ජන  ජීවිතය තවත් අර්බුදකාරී තත්වයටකට පත්වනු ඇත. එසේම , සේවක සංවිධාන සහ ජනතාව විරෝධතාවයකට පැමිණෙන විට 

2. **සේවක ආශාභංගය සහ කාර්ය සාධනය අඩුවීම** – පෞද්ගලීකරණය යටතේ සේවකයන්ගේ රැකියා ආරක්ෂාව අනර්ඝ නොවීම, දිරිගැන්වීම් අඩුවීම සහ පාලන විශ්වාසය කඩවීමේ අවදානමක් පවතී. එමඟින් සේවක කාර්ය සාධනය හා සේවා ගුණාත්මකතාව පවා අඩුවිය හැක.

3. **දේශපාලන විරෝධතාව හා විශ්වාස අහිමිවීම** – ජනතාවගේ සහභාගීත්වය නොමැතිව අගුලු අරින ආකාරයේ තීරණ රජය ගන්නේ නම්, පාලන ආයතනවල විශ්වාසය අඩුවෙමින් ජනතා විරෝධය දේශපාලනමය අර්බුදයකට පත්විය හැක.

4. **අඩු ආදායම් පවුල් වලට බරපතල බලපෑම** – විදුලි මිල ස්වයංක්‍රීයව ඉහළ යාමෙන් අඩු ආදායම් පවුල්වල පිරිවැය දරාගත නොහැකි මට්ටමකට ළඟා වන අතර, විදුලිය වෙන්කරන හෝ විදුලි සේවාව අත්හිටුවන අවස්ථා වැඩිය හැක. මේ තත්ත්වය සමාජ අසමානතාව තවත් වැඩි කරයි.

5. **ආර්ථික ප්‍රතිඵලය හා කුඩා ව්‍යාපාර නාස්ති වීම** – විදුලි පිරිවැය වැඩිවීම නිසා කුඩා හා මධ්‍යම ව්‍යාපාර විදුලිය අඩු කිරීම හෝ වසා දැමීම සිදුවිය හැක. එය රැකියා අහිමිවීමක් හා ජාතික ආදායම අඩුවීමක් ලෙස පරිවර්තනය වේ.

6. **දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම** – විදුලි පිරිවැය වැඩිවීමෙන් කර්මාන්ත හා නිෂ්පාදන වියදම ඉහළ යන අතර, භාණ්ඩ මිල වැඩිවීමේ නව තරංගයක් ඇතිවිය හැක.

### නියමිත පියවර

ඒ නිසා, විදුලි සේවා සංස්කරණය ක්‍රියාත්මක කිරීමට පෙර —

* ජනතාව හා සේවකයන් සමඟ විවෘත සංවාදයක්,

* පිරිවැය අඩු කිරීමේ විකල්ප (උදා: නවීන බලශක්ති මූලාශ්‍ර),

* සහ ලාභ නොලැබෙන පවුල්වලට සහන වැඩසටහන්

  නියම කිරීම අත්‍යවශ්‍ය වේ.

එසේ නොකළහොත්, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ වෙනුවට රටේ ආර්ථිකය හා සමාජය තවත් අසන්තෘප්තිමත් තත්ත්වයකට පත් වනු ඇත.

“කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන අතර, එය රඳා පවතින්නේ: (i) විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධයෙන් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වයන් සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම මත ය.

“ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙයි. 2024 දී පශ්චාත් අර්බුද වර්ධනය සියයට 5 කින් ඉහළ යාම කැපී පෙනේ. ආදායම් බලමුලු ගැන්වීමේ ප්‍රතිසංස්කරණ මගින් 2022 දී සියයට 8.2 සිට 2024 දී ආදායම-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සියයට 13.5 දක්වා වැඩිදියුණු විය. මහ බැංකුව විසින් සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් 2025 මාර්තු අග වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් විය. සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.

කෙසේ වෙතත්, පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය පිළිබඳ අඛණ්ඩ ව්‍යුහාත්මක මිණුම් ලකුණ තවමත් සපුරා නොමැත. උද්ධමනය මුදල් ප්‍රතිපත්ති උපදේශන ඉලක්ක කලාපයට වඩා පහළින් පවතී.

මූල්‍ය අවදානම් අවම කිරීමට සහ සුදුසු විදුලි යටිතල පහසුකම් ආයෝජන සක්‍රීය කිරීමට පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය වේ. 

Loading