නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලොව පුරා වෙලා ගෙන ඇති අතර, ඒ නිසා පීඩාවට පත්වන වැඩකරන ජනතාව ඇතුලු පොදු ජන සංවිධාන ලෝකය පුරා එකතු වෙමින් සාකච්ඡා පවත්වමින් සිදුවෙමින් ඇති අහිතකර තත්වයෙන් මිදීමට මාවත් සොයති. එම පිරිස් එක්ව 2024දී නේපාලයේ සමාජ සමුලුව පැවැත්වූ අතර, 2025 දී කැනඩාවේදී පවත්වන ලද අතර, 2026 අප්‍රිකාවේ බෙනින් නගරයේ පැවැත්වීමට දැනටමත් කටයුතු සිදු කරමින් පවතී.
දියුණු ධනපති ලෝකයේ පැවති සමුලුවට බොහෝ දුප්පත් රටවල පිරිස්වලට ගමන් කිරීමට නොහැකි වූ නිසා ආසියා පැසිපික් කලාපයේ සංවිධාන එක්වී නොවැ. 1-5 දිනයන්හි සමුලවක් පැවැත්වීමටත් වැඩමුලු සාකච්ඡා මාලාවක් ගෙනයාමටත් සංවිධායකයෝ සූදානම් කරමින් සිටිති.
ලංකාවේ වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරින් මෙම සමුලුව නියෝජනය සදහා සහභාගීවීමට සූදානම් අතර, වැඩකරණ ජනතාවගේ සංවිධානයවීමේ අවශ්‍යතාව මුල්කරගත් වැඩමුලුවක් නොවැ.03 වෙනි දින පැවැත්වීමට සූදානම් කරමින් සිටින බව එහි සංවිධායකවරයෙක් ශක්තියට දැනුම් දෙන ලදි.