ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය වසර 25යි. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට වසර 25.

සම්මානනීය මහාචාර්ය ප්‍රසාද් හේරත් මැතිතුමා උත්සව සභාවේ
ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන ලදි.1

බුද්ධිමතුන්ගෙන් ලැබුනු දැනුම සම්භාරයත්, සටන්කාමිත්වයත් සමග නව ලිබරල්වාදය සමග සටන් කිරීම සදහා නව පන්නයේ වෘත්තීය ව්‍යාපාරයක අත්දැකීම් එකතු කර ගැනීමට අවශ්‍ය විය. ඒ සදහා මුල්ගල් තැබුවේ වෘත්තීය එක්සත් කිරීමේ කමිටුවක් සකසා ගෙන ශ්‍රේණි බේද නොතකා එක් කේෂත්‍රයක සිටින වැඩකරන පිරිස් ඒකරාශී කර ගැනීමේ ප්‍රයත්නයක නිරත විය.  88/89 කාල පරිච්ඡේදයේදී මතු වූ  සටන් කමිටු ව්‍යාපාරය වෘත්තිය සමිති නායකයින් මරාදමන ව්‍යසනකාරි තත්වයකට පත්විය.

 1994න් පසුව මතුවූ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයත් සමග 80 මහ වැඩවර්ජනයේ රැකියා අහිමිව සිටි රාජ්‍ය අංශයේ සියලු දෙනාටම 1995 චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග නැවත රැකියාවන් සදහා ගමන් කිරීමට ඉඩකඩ පෑදුනි. ඒ වනවිට නැවතත් වෘත්තීය සමිති පන ගන්වා ගැනීමට යම් නිදහස් තත්වයක් උදා වුවත් චන්ද්‍රිකා රජය වේගයෙන් පුද්ගලීකරණ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම නිසා දහස් ගණන් වැඩකරණ ජනතාවගේ රැකියා අස්ථිර තත්වය පත්විය.

පුද්ගලීකරණයට විරුද්ධව චන්ද්‍රිකා ආණ්ඩුවත් සමග මතුවූ ගැටුමත් සමග නව ලිබරල්වාදී පරිසරයට අනුව සටන් කිරිමේ ක්‍රමවේද සකස් කර ගැනීමේ සාකච්ඡාවන් මාලාවක් 1998 පසුව කාලපරිච්ඡේදයේදී සිදු විය.  එහි ප්‍රථිපලයක්  ලෙස නිදහස වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානය වසර 2000 මුල්භාගයේදී ස්ථාපිත කර ගන්නා ලදි. එහිදී සරනපාල සිල්වා (බාටා) , සවනදාස, (රලිසේස සභාපති) කේ.ජේ.සිල්වා (කා.කා.සේ. සභාපති), ඩඩ්ලි කලංසූරිය (ස.ස.වෙ.ස. සභාපති, ඩී.පී.පිටිගල (භාණ්ඩාගාරික), විජය වීරසේකර, විල්ප්‍රඩ් සිල්වා (ර.ලි.සේ.ස.), ප්‍රේමලාල් පෙරේරා(දුම්රිය) ක්වින්ටස් අප්පුහාමි (මු.සේ.ස. සභාපති), ඇන්ටන් පෙරේරා (එ.වෙ.කා.සේ.ස. ලීවර් සභාපති) මහින්ද කහදගම (ලීවර්) ඇලෙක්සැන්ඩර් පෙරේරා (ටුබැකෝ) මහින්ද විජේසිංහ (ඇක්මි) ආදී සමිති නායකයින් මෙහිදී  ආරම්භකයන් ලෙස කටයුතු කලේය. බුද්ධිමය  පිටුබලය ලැබුනේ වාසුදේව, කුමාර් ඩේවිඩ් හා අපගේ හිතවත් පිරිසකගෙනි.

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ දර්ශනය අනුව නව ලිබරල්වාදී පරිසරය නිසා අසංවිධිත කේෂත්‍රෙය් ස්වාමියෙක් නොමැති රැකියා මතුවීමත් ඒවා සංවිධානගත කර වැඩකර ජනතාවගේ ශක්තිය ඒකරාශී කර ගැනීම මෙහි පරමාර්ථය විය.  ඒඅනුව පෙට්ට්‍රල් ෂෙඩ් වල සිටින පිරිස් එක් කර සංවිධානයක් සකස් කිරීමට උත්සා ගනු ලැබුවත් එය සාර්ථක නොවුනි.

නිදහස් අධ්‍යාපනයෙන් 1978 දී හෝඩිය අතහැර දැමීම නිසා පෙර පාසල් තැනින් තැන ඇති වුවත් කිසිදු විධික්‍රමයක් හෝ ගුරුවරුන්ට අයිතිවාසිකම හෝ තිබුනේ නැත.  එලෙස මංමුලා වූ පෙර පාසල් ගරුවරියන් සංවිධානය කිරීමේ අදහස  80 මහ වර්ජනයෙන් රැකියා අහිමිව සමාජ සේවා කටයුතුවල නිරතව සිටි අනුරාධපුර, සාමදීප සමාජ කේන්ද්‍රයේ ඡන්ද්‍රරත්න බණ්ඩාර සහෝදරයා විසින් දිරි ගන්වන ලදි.  

පෙර පාසල් ගුරුවරියන්ගේ වෘත්තීය සමිතියක් සංවිධානය කර ගැනීමට  ගත් උත්සාහයේදී කලපලුවාව 80 මහ වර්ජනයේ කාර්යාල සේවායේ ප්‍රධානියා වූ කේ.ජේ.සිල්වා සහෝදරයා පලමු සහෝදරිය ලෙස ඔවුන්ගේ නිවෙස් අසල පදිංචිව සිටි බුද්ධිමා හෙට්ටිආරච්චි සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව 12 දෙනෙකුගේ සාකච්ඡාවෙන් පසුව ඇයගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය 2000 වර්ෂයේ අග භාගය වන විට පිහිටුවා ගැනීමට හැකිවිය.   එහි සමාරම්භග රැස්වීමට එවකට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විය.  අපගේ දෙවන උත්සාහය සාර්ථකත්වයට පත්වූයේ පදික වෙලදුන්ගේ සම්මේලනය පිහිටුවීමෙන්ය. එහි නායකත්වය ගනු ලැබුවේ මහින්ද කහදගම සහෝදරයාය. නමුත් අපගේ මූලික පරමාර්ථයෙන් බැහැරව දේශපාලනික පක්ෂපාති ගමන් මගක් ගැනීම නිසා එය විනාශ වී ගියේය. වර්තමානය වනවිට ස්වාමියෙක් නොහැති විශාල ස්වයං රැකියා ප්‍රමාණයක වැඩකරන ජනතාවක් අසංවිධිතව සිටිති. විශේෂයෙන්ම මාර්ගගත සේවාවල යෙදෙමින් විද්යුත් වේදිකා මත වැඩකරන ලේසවක අයිතිවාසිකම් ගැන ලෝකයේ බොහෝ රටවල සාකච්ඡා කෙරෙමින් නීතිරීති සකස් වෙමින් පැවතුනත් ලංකාවේ තවමත් ඒ දෙසට යොමුවූ වෘත්තිය සමිති සංවිධානයක් දක්නට නැත.

අප සමාජය එදාමෙදා තුර ගමන් කර ඇත්තේ දිගු දුරකි. සුභවාදී සමාජ ප්‍රතිසංස්කරණ කටයුත= රජයට පමණක් තනිව සිදු කළ නොහැකිය. ජනතාව සමග පෙරට ගමන් කරන සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ශක්තිමත් කරන, නව ලිබරලිවාදී පැවැත්මට විරුද්ධව අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතු යුගයක් නිර්මානය වෙමින් පවති. ලාංකික දේශපාලයේ යුග පෙරලියක් සිදු වී ඇති මෙම මොහොද වැඩකරන ජනතාව ඉතාමත් ඥානවන්ත ආකාරයෙන් ප්‍රයෝජනයට ගත යුතුවේ. එසේ නොමැතිව රජය මෙන්ම වැඩකරන ජනතාවද තාරාවගෙන් රත්‍රං බිජු බලාපොරොත්තුවෙන් බඩ පලා ගන්නා ක්‍රියාමාර්ග ගැන නැවතත් සිතා බැලිය යුතුය.  එබැවින් දිගු ගමනක් පැමිණි මෙම සංවිධාන දෙකේම සංවත්සය පසුගිය 5 වෙනිදා කොළඹ මහජන පුස්ථකාල ශාලාවේදී සම්මාන මහාචාර්ය ප්‍රසාද් හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරීමට හැකි විය.

විල්ප්‍රඩ් සිල්වා

සම ලේකම්

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *