රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද?

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවේනම් කවුද රතු නිවේදන සහිත මෙම කන්ටේනර් පිලිබදව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් මගින්ද මෙම කන්ටේනර් ගැන ඇති සැක සහිතභාවය කල් ඇතිව රේගුවට දන්වා තිබූ බව සත්‍යක්ද? එසේ නම් එම කන්ටේනර්වල තිබූ දේ ගැන දෙගුණයක් සැක උපදවා ගෙන ක්‍රියාත්මක විය යුතු රේගුව පරීක්ෂණයකින් තොරව ඒවා නිදහස් කිරීම විශ්මයට හේතුවකි. නැතහොත් අතයට ඩීල් එකක ප්‍රතිඵලයකි.

රේගු ප්‍රධානියාට ඉහලින් නියෝග ලබා දිය හැක්කේ මුදල් ඇමති වරයාට පමණකි. එවැනි නියෝගයක් නැතිව රේගු ප්‍රධානියා ක්‍රියාකර තිබුණි නම් ඔහුට උසස්වීමක් ලබාදීමද විශ්මයජනකය. හොර කන්ටේනර් ගෙන එන්නේ හොර නම්වලට හා හොර ලිපිනයන්ටය.

ඉහත කී ආන්දොලනයට පිලිතුරු ලැබෙන්නට පෙර ඊට වඩා බරපතල තත්වයක් උද්ගත වනුයේ මිද්දෙනියේ ගෙවත්තක තිබී ටොන් දහස් ගණනක අයිස් මත් ද්‍රව්‍ය නිපදවීම සදහා ගෙනඑනු ලැබූ මුලික රසායනික ද්‍රව්‍ය තොගයක් පොලිස් විමර්ශන අනුව සොයා ගතහැකිවීම නිසාය. කන්ටේනර්වල භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයින් කොටසකින් ඔවුන් ගෙන්වන බඩුමිලදී ගැනීමට කල්තියාම මුදල් ගෙවා ඇති පිරිස තවත් කොටසකි.

ලොකුම ප්‍රශ්ණය ඉහත කී අයිස් ද්‍රව්‍ය පුරවා ගෙන ආ කන්ටේනර් දෙක පරීක්ෂණයකින් තොරව නිදහස් කල කන්ටේනර් 323න් දෙකක්ද? රේගු බලධාරින් නොව් නම් ඒ සදහා මැදිහත් වුනේ දේශපාලන අධිකාරියේ හෝ ඉහලම පරිපාලන සේවයේ අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ද?

කවුරුන් හෝ මේ සදහා බෙල්ල දිය යුතුය. එසේ නොමැති නම් මෙම අපරාධය වලලා දැමීමට ඉඩදිය නොහැකිය. කපුරුහාමිගේත් කට ගඳදැයි ඉවකර බැලීමට මෙය හොද වෙලාවකි. දැන්වන විට මේ බරපතල දූෂණයට ගතවී ඇති කාලය හොදටම ඇතිය.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *