ඩොලරයේ බිඳවැටීම හා ට්‍රම්ප්ගේ  වියරුව. 

ණය ආර්ථිකය වර්ධනය වීමත් නිෂ්පාදන ආර්ථිකය වර්ධනය නොවීමත් නිසා 70 දශකය වන විට නිදහස ලැබූ තෙල් නිපදවන අරාබිකරය ඇතුලු රටවල් ඔපෙක් සංවිධානය පිහිටුවා ගෙන ඛණිජ තෙල් ආධිපත්‍ය එම සංවිධාන යටතට ගැනීම නිසා ඇමරිකානු සමාගම් විසින් එතෙක් කලක් එම රටවල ජනතාවට හා ආර්ථිකයන්ට සිදු කල හානිය තෙල් ජනසතුවත් සමග වෙනස් විය. තෙල්මිල ඉහල දැමීම නිසා ලෝකය පුරා ආර්ථික අර්බූදකාරි තත්වය තියුණු විය. එය සමනය කර ගත හැකි වූයේ වසර 50ක් දක්වා සෞදි අරාබියේ රජු සමග ඇති කර ගත් ඩොලරය මත පදනම් වූ ගිවිසුම අනුවය. ඒ අනුව පෙට්ට්‍රො ඩොලර් මගින් අරාබිකරයට මුදල් ගලාඒම තුල නව ආර්ථිකයන් ඇති වෙමින් සංවර්ධිත ලෝකයේ ලිබරල්වාදය බිදවැටීම 1970 අගභාගය පමන වනවිට සිදු විය. ඒ අනුව ලෝකය හමුවට මිල්ටන් ප්‍රිඩිමාන්ගේ මුල්‍යවාදී ආර්ථික පිලිවෙත විද්‍යාඥයින් විසින් හදුන්වා දී ධනපති  ආර්ථින ක්‍රමය නව වර්ධනයකට ගෙනයාහැකි බව පෙන්නුම් කර දුන්නේය.  

ඒ අනුව 1971 අගෝස්තු 15 වන දින එක්සත් ජනපදය නිල වශයෙන් එක්සත් ජනපද ඩොලරය රන් ප්‍රමිතියෙන් නිදහස් කරන ලදි. ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් නිවේදනය කළේ එක්සත් ජනපදය තවදුරටත් විදේශීය රජයන් සතුව ඇති ඩොලර් අවුන්සයකට ඩොලර් 35 ක ස්ථාවර වටිනාකමකින් රත්තරන් බවට පරිවර්තනය නොකරන බවයි. ඒ අනුව ඩොලරය ඉල්ලුම් හා සැපයුම අනුව ගණනය කරනු ලබන පිලිවෙතකට ගමන් කළ අතර ණය සදහා අවශ්‍ය මුදල් හැකිතරම් මුද්‍රණය කර බෙදා හැරීමේ සූදුව නව ලිබරල් ක්‍රමය මගින් ලෝක බැංකුව හා ජා.මු.අ. පදනම්ව පටන් ගනු ලැබීය. අනෙකුත් සංවර්ධන ආධාර කපා දැමීස සිදු කලේය.

නව ලිබරල්වාදය ඇමරිකාවේ රොනල් රීගන් හා බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය ලෙස නම් කල මාග්‍රට් තැචර් විසින් දැඩි ලෙස ක්‍රියාවට නැගීමට පටන් ගැනුනු අතර, සියලුම සුුභසාධන පහසුකම් කප්පාදු කිරීමත්  රාජ්‍ය කටයුතු පවා ලාබ ලබන තත්වයට පත් කිරීමත් සිදු කලේය. ඒ අනුව වෘත්තීය සමිති නිති රිති වෙනස් කල අතර, වර්ජකයන් රැකියාවලින් ඉවත් කිරීම සදහා කර්මාන්ත ශාලා වසාදමා අඩුවියදම් කලාප වලට කර්මාන්ත ගෙනයාම පවා සිදු කෙරුනි. එහි බිහිසුනු අත්දැකීම 1977 සිට 1994 කාලය දක්වා 17 අවුරුදු යූ.ඇන්.පී. ශාපයක් ලෙස නිර්දය ආකාරයෙන් ලංකාව තුල ජේ.ආර්., රනිල්, ප්‍රේමදාසගේ නායකත්වයෙන් මිනීමරමින්, පුස්තකාල ගිනි තබමින් වර්ජකයින් මහමගට ඇද දමමින්, තරුණ තරුණියන් අතුරුදහන් කරමින්  ක්‍රියාත්මක වූ ආකාරය විස්තර කිරීමට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නැත. 

1989 නොවැම්බර් 09 දා බර්ලින් තාප්පය නැගෙනහිර හා බටහිර ජර්මානු වැසියන් විසින් එක්ව බිඳ දැමීමෙන් පසු 1990 ඔක්‌තෝබර් 03 වනදා සිට රටවල් දෙක එක වී තනි ජර්මන් පෙඩරල් රාජ්‍යය පිහිටුවා ගනිමින් යුරෝපයේ නව වෙනස පෙන්නුම් කලේය.  නව ලිබරල්වාදයේ මෙහෙයුම් මත ජනතා නැගිටීම් රාජ්‍යයන් ඇතුලතින් හා පිටතින් ඇති කරමින් සෝවියට් දේශය බිද දැමීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරී සැලසුම් ක්‍රියාත්මක විය.   සෝවියට් දේශය 1991 දී බිඳවැටුණ අතර එයට අයත්වූ සියලු රාජ්‍යයන් අතර සිවිල් යුද්ධ ඇති වෙමින් රටවල් කැබලි බවට පත් කර කුඩා රාජ්‍ය රාශියක් නැගෙනහිර යුරෝපය පුරා ඇති කරනු ලැබීය.

නව ලිබරල්වාදය නුතන අධිරාජ්‍යවාදයක් ලෙස ඩොලරයේ බලයෙන්  මුලු ලෝකයම හසුරුවා ගැනීමේ  ආධිපත්‍යයක් ඇති කර ගැනීම ප්‍රීඩ්මාන් සැලසුමේ අරමුණ විය. ඒ සදහා එවකට ආර්ථික විද්‍යාඥයින් එක් වෙමින් එක් ලෝකයක් ගැන උදම්අනමින් ලෝක ගම්මාන ගැන කරනු ලැබූ දේශන එදා යුගයේ විසු අයගේ කනට හුරු කරනු ලැබුනු බව බොහෝ දෙනෙකුට මතකය. එසේ වුවත් රුසියාවට සිදු කළ දේ චීනයටද සිදු කිරීමට උත්සාහ කළත් තියෙන් මාන් අරගලය යටපත් කර චීන කොමියුනිස්ට් පක්ෂය නව ලිබරල්වාදය සමග වෙනත් ආකාරයක සම්මුතියකට ගමන් කර චීනයයේ වෙලද පොල ලෝකයට විවෘත කලේය. නමුත් රාජ්‍ය විදේශිකයින්ට මැදිහත්වීමට ඉඩ නොතබා කොමියුනිස්ට් පක්ෂය මත තබා ගැනීමට තීරණය කිරීමත් සමග චීන ආර්ථිකය තුල නව වර්ධනයන් සිදු විය. ඒ අතරතුර තනි ඩොලරය සමග තරග කිරීමට යුරෝව පෙරට පැමිණීම අනෙක් අතින් සිදුවූ  වර්ධනයකි. රුසියාව තුල සිදු වූ වෙනස්කම් අතර ජාතිකත්වය පදනම් කර ගත් පුටින් නැවත රුසියාව බලවත් රාජ්‍යයක් හා රුබලය මගින් ගනුදෙනු සදහා ශක්තියක්ද ගොඩනගා ගත්තේය.  

නවලිබරල්වාදයේ හා ඩොලර් ආධිපත්‍යයේ පලමු හා අවසාන බිදවැටීම ආරම්භ වන්නේ 2007/2008 ඇමරිකාවේ සුප්‍රිම් බැංකුව නිවාස ණය ලබාදීම මත කඩා වැටීමත් සමගය. එයට සමගාමීව බැංකු හා මුල්‍ය සමාගම් රාශියක් බංකොලොත් වූ අතර ඇමරිකාව හා ඩොලරය මත තැබූ විශ්වාසය ලොව පුරා පලුදුවීම සිදු විය.  මෙම සිදුවීමත් සමග 2009 දී බ්‍රික්ස් සංවිධානය රුසියාව. චීනය. ඉන්දියාව හා බ්‍රසීලයේ නායකත්වයෙන් පිහිටවූ අතර පසුව දකුණු අප්‍රිකාවද එක් විය. ඩොලර් සමග ගනුදෙනුව වෙනුවට තමරටවල මුදලින් ගනුදෙනු කිරීම හා භාණ්ඩ හුවමාරුව ආරම්භ කිරීමත් සමග ඩොලරයට පැවති ඉල්ලුම 50% ඉක්මවා බිද වැටුනු අතර, ජා.මු.අ. හා ලෝක බැංකුව මගින් හා විවෘත වෙලදපොල ණය ක්‍රමය මත පවත්වා ගෙන පැමිණි ආර්ථිකයන් බංකොලොත්වී බිද වැටීම ද ආරම්භ විය. ඒ අනුව එක් අතකින් බිඳ වැටුනු රාජ්‍යයන්ට නැවත ණය දීමට වටිනාකම් බාල්දු වූ ඩොලර් මුද්‍රණය කර බෙදා හැරීමත්, ලෝකයේ රටවල් වෙනත් මුදල්  මගින් භාණ්ඩ හුවමාරුව සිදු කිරීම නිසාත්, චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ශක්තිමත් වෙමින් සංවර්ධනයේ නව මාවත නැගෙනහිර ලෝකය දෙසට නැඹුරුවන්නට විය. 

ඇමරිකාවට යුද්ධය හා බලහත්කාර බලය හැර වෙනත් ආයුධයක් නැත. එබැවින් ඇමරිකානු බයිඩන් ජනාධිපතිවරයා යුක්‍රේන-රුසියා ගැටුමට මුල පිරූ අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා බිද වැටෙන ඩොලරය තෙල් සම්පත් හා දුර්ලභ ඛණිජ සම්පත් කොල්ල කෑමෙන් පියවා ගැනීමට ඇමරිකානු සුදු අධිරාජ්‍යවාදයක සිහින දකිමින් වෙනිසියුලාව, ග්‍රීන්ලන්තය යටත් කර ගැනීමට හා ඊශ්රායල මැදපෙරදිග යුද්ධ කදවුර බවට පත් කරගැනීමට යුද්ධ සැලසුම් යොදමින් සිටින අතර, තවදුරටත් ඩොලරය මත පදනම් වූ ගනුදෙනු සීඝ්‍රයෙන් අඩු වෙමින් 30% පමණ දක්වා පහතට ගමන් කර තිබේ. ග්‍රින්ලන්ත අර්බුදයත් සමග යුරෝපයද වෙනත් මාවත් ඔස්සේ ඩොලරය මගහැර ගනු දෙනු කිරීම අරඹා ඇති බැවින්  ට්‍රම්ප් ජනාධිපතිවරයා වියරු වැටුනු සුනඛයෙකුගේ තත්වයට පත්වී හමාරය. ඔහු ඇමරිකානු ජනතාව වෙතද කඩා පනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙම තත්වය නිසා නැවත ඩොලරයට හෝ නව ලිබරල්වාදයට නැගිටීමක් නැත. නව ලෝක මුදල් ඒකකයක් හා නව ක්‍රමයක අත්දැකීම් ඉදිරි කාලපරිච්ඡේදය තුල මතුවීම බලාපොරොත්තු විය යුතුය. 

Loading

Leave a Reply